Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යොවුන් පිල ඉන්දියාව පරදවයි

ශ්‍රී ලංකා යොවුන් පිල ඉන්දියාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ ඉන්දීය වයස 19 න් පහළ පිල අතර අබුඩාබි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (10) පැවැති පළමු පුහුණු තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 5 ක ජයක් ලැබීමට සමත් වූහ.

ලකුණු 210 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 48.5 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

ප‍්‍රියමාල් පෙරේරා ඉනිමේ අවසන්  ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 62 කදී හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිල ජයග‍්‍රහණය දක්වා කැඳවාගෙන ඒමට සමත් විය.

උප නායක සධීර සමරවික‍්‍රම පන්දු 122 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 82 ක් රැස් කිරීමට සමත් විය. සධීර සමරවික‍්‍රම සහ හෂාන් දුමිදු (48) ලකුණු 125 ක ආරම්භක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණයට ශක්තිමත් අඩිතාලමක් දැමීමට සමත් වූහ.

වමතින් වේග පන්දු යවන බිනුර ප‍්‍රනාන්දු දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 42 කට කඩුලූ 4 ක් දවා ගත්තේය.


ඉන්දීය වයස 19 න් පහළ පිල  ඕවර 45.5 කදී සියලූ දෙනා දැවී 209
(අන්කුෂ් බයින්ස් 24, අකිල් හෙර්වඩාර් 29, විජයි ෂූල් 25, ශරියස් ඉයර් 31, දීපාක් හූඩා 39, බිනුර ප‍්‍රනාන්දු 42/4, අනුක් ප‍්‍රනාන්දු 44/2, හර්ෂ රාජපක්‍ෂ 22/2)
 
ශ්‍රී ලංකා වයස 19 න් පහළ  ඕවර 48.5 කදී කඩුලූ 5 ට 212
(සධීර සමරවික‍්‍රම 82, හෂාන් දුමිදු 48, ප‍්‍රියමාල් පෙරේරා නොදැවී 50, ලක්‍ෂාන් ජයසිංහ 17, කුල්දීප් යාදේව් 25/3)

 

 - 048  


අදහස් (3)

ශ්‍රී ලංකා යොවුන් පිල ඉන්දියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.