Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 8 ක ජයක්
යොවුන් ආසියානු කුසලාන - 2025

ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 8 ක ජයක්

editorial - 2025 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉතාමත් පහසු දඩයමකින් ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (13 වැනිදා) ඩුබායි නුවරදී පැවැති ආසියානු කුසලාන තරගයකදී නේපාලය කඩුලු 8 කින් පරාජය කළේය. පළමුවෙන් පන්දුවට පහර දුන් නේපාලය ලකුණු 82 කට දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවර 15 ක් ඇතුළත තරගයේ ජය සම්පූර්ණ කළහ. 

සියල්ල ආරම්භ වූයේ දුවද්දී දැවී යාමකිනි. ඒ වනවිට නේපාලය කිසිවකු නොදැවී ලකුණු 30ක් ලබාගෙන සිටි අතර ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම සෙත්මික සෙනෙවිරත්න සහ රසිත් නිම්සර හමුවේ කිසිදු අසීරුතාවකින් තොරව ලකුණු ලබාගනිමින් සිටියහ. 

අටවැනි ඕවරයේ දෙවැනි පන්දුව ‘වයිඩ්’ පන්දුවක් වූයෙන් නේපාලයට ලකුණු 02 ක් ලැබුණ නමුත් නිරාජ් කුමාර් තුන්වැනි ලකුණ සොයා දිවගියේය. පන්දුව අහුලාගත් විමත් දින්සර එය කඩුලු රකින්නා වූ ඇඩම් හිල්මි වෙත යැවීය. හිල්මිගෙන් අතපසුවීමක් නොවූ බැවින් නිරාජ් කුමාර්ට ලකුණු 10 ක් පමණක් ලබා සිටියදී ආපසු ක්‍රීඩාගාරයට යාමට සිදුවිය. 

සෙත්මික බලාපොරොත්තුවෙන් සිටි ආරම්භය ඔහුට ලැබිණ. 

එතැන් සිට සිදුවූයේ නාය යාමකි. ඊළඟ ඕවරයේදී සෙත්මික විසින් අනෙක් ආරම්භක පිතිකරුවා වූ සාහි පතෙල් දවාගත් අතර ලකුණු 52 ක් ඇතුළත කඩුලු 10 ම ඇද වැටිණ. සෙත්මික ලකුණු 25 කට කඩුලු 5 ක් දවාගනිද්දී සෙසු පන්දු යවන්නෝ අනෙක් අන්තයේදී පීඩනය වැඩි කිරීමට අමතරව කඩුලු ද දවාගත්හ. 

නේපාලය මහත් අසීරුතාවට පත්වූයේ පන්දු 33 ක් ඇතුළත ඉදිරිපෙළ පිතිකරුවන් සිව්දෙනකුම ලකුණු 07 කට දැවී යාමෙනි. එතැන් සිට හිස එසවීමට කිසිදු අවස්ථාවක් නේපාලයට නොලැබිණ. 

සිබි්‍රන් ශ්‍රේෂ්ට්‍රා (18) සහ නායක අශෝක් ධාමි (09) එක්ව නේපාල කණ්ඩායම ලකුණු 61 ක් දක්වා ඉදිරියට ගෙන ගියද නායකයාගේ දැවී යාමත් සමගින් ලකුණු 21 ක් ඇතුළත කඩුලු 6 ක් ඇද වැටිණ. නේපාලයේ කිසිවකුට ලකුණු 20 සීමාව පසුකළ නොහැකි වූ අතර ඉලක්කම් දෙකකින් ලිවිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ ද පිතිකරුවන් තිදෙනකු පමණි. 

පහසු ඉලක්කයක් කරා යාමේදී ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් දෙදෙනකු ලකුණු 25 ක් තුළ දැවී යාමෙන් නේපාලය නායකයාට කිසියම් සහනයක් ලැබිණ. එහෙත් එය වැඩි වේලාවක් පැවතුන සහනයක් නොවීය. දිමන්ත මහවිතාන (නොදැවී 39) සහ කවිජ ගමගේ (නොදැවී 24) එක්ව ඕවර 15 ක් තුළදී තමන්ගේ කාර්යය අවසන් කළහ. 

 

නේපාල යොවුන් කණ්ඩායම - ඕවර 28.5 කදී සියලු දෙනා දැවී 82 යි
(සාහි පතෙල් 12, නිරාජ් කුමාර් 10, සිබි්‍රන් ශ්‍රේස්ට්‍රා 18, සෙත්මික සෙනෙවිරත්න 25/5)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 14.5 කදී කඩුලු 2 ට 84 යි
(දිමන්ත මහවිතාන 39, විරාන් චමුදිත 10, කවිජ ගමගේ නොදැවී 24)


- 213

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.