Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිල සිවුවැනි පරාජයත් ලබයි

ශ්‍රී ලංකා පිල සිවුවැනි පරාජයත් ලබයි

ශනුක අරවින්ද - 2014 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 10 Comment
A A A


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න්ස් ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති සිවුවැනි තරගයෙන් ද ලකුණු 153 ක දැවැන්ත ජයක් ලැබූ ඉන්දීය පිල 4-0 ක් ලෙස තව දුරටත් තරගාවලියේ පෙරමුණට පැමිණියේය.

ලකුණු 405 ක දැවැන්ත ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල  ඕවර 43.1 කදී ලකුණු 251 කට සීමා විය. ඇන්ජලෝ මැතිව්ස් පන්දු 68 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 75 ක් ලබා සිටියදී ස්ටම්ප් කිරීමකට හසුවිය.

ළහිරු තිරිමාන්න පන්දු 69 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් රැස් කළේය.

ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න පස්වැනි කඩුල්ලට ලකුණු 118 ක සම්බන්ධතාවක් පවත්වමින් වැටී තිබූ අගාදයෙන් ගොඩගැනීමට සමත් වූහ.
පළමු  ඕවර 10 යේදී කුසල් පෙරේරා (0), දිනේෂ් චන්දිමාල් (9), මහේල ජයවර්ධන (2) සහ තිලකරත්න ඩිල්ෂාන් (34) පිළිවෙළින් ක‍්‍රීඩාගාරයේ අසුන් ගත්හ.  

පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක සාර්ථක වීමට අවස්ථාව නොදුන් රෝහිත් ශර්මා පන්දු 173 කදී හතරේ පහර 33 ක් සහ හයේ පහර 9 ක් සමගින් ලකුණු 264 ක් රැස්කර අවසන් පන්දුවේදී දැවී ගියේය. රෝහිත් ශර්මා ලකුණු 4 ක් ලබා සිටියදී ශාමින්ද එරංග යැවූ ඉනිමේ පස්වැනි  ඕවරයේ තෙවැනි පන්දුවට තර්ඞ්මෑන් ස්ථානයේ පන්දු රකිමින් සිටි තිසර පෙරේරා වෙතට පැමිණි පහසු උඩ පන්දුව ගිළිහි යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් බවට පත්විය.

ඉන්දියාව රැස්කළ මෙම ලකුණු 404 කණ්ඩායමක් එක්දින තරගයකද ඉනිමකදී රැස්කළ 9 වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම ඉන්දියාව රැස්කළ සිවුවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ. ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයට එරෙහිව 2006 වසරේදී ලකුණු 443 ක් රැස්කරමින් එක්දින තරගයකදී වැඩිම ලකුණු ලබාගැනීමේ වාර්තාවට හිමිකම් කියයි.

ඉන්දීය නායක විරාට් කෝලි පන්දු 64 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 66 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය. මෙය 26 හැවිරිදි කෝලිගේ 33 වැනි එක්දින අර්ධ ශතකයයි. රෝහිත් ශර්මා සහ විරාට් කෝලි තෙවැනි කඩුල්ලට ලකුණු 202 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉන්දීය පිල ප‍්‍රබල තත්ත්වයකට රැුගෙන ඒමට සමත් වූහ.

30 වැනි  ඕවරයේ සිට 34 වැනි  ඕවරය දක්වා පිතිකරු අධිවේගි  ඕවර පහට ලකුණු 57 ක් රැස් කිරීමට රෝහිත් ශර්මා සහ විරාට් කෝලි සමත් වූහ. මෙම තරගයේදී කැදවීම් ලැබූ ශාමින්ද එරංග යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් අම්බාටි රයිදු ලකුණු 8 කට දැවී ගියේය.

ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුවකට අජින්ක්‍යා රහනේ (28) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි අසරණ තත්ත්වයක පත්වූ බව දැකගත හැකි වූ අතර එහිදී පන්දු යවන්නන්ට කුමන ස්ථානයේ පන්දු යවනවා ද යන්න සිතා ගැනීමට පවා නොහැකි විය.  ඉන්දීය නායක විරාට් කෝලි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මෙම තරගයට දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ශාමින්ද එරංග සහ අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලට කැදවා සිටියහ.  

 

ලකුණු පුවරුව

 

- 048


අදහස් (10)

ශ්‍රී ලංකා පිල සිවුවැනි පරාජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.