Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිල ජනවාරියේ ඉන්දීය සංචාරයක

ශ්‍රී ලංකා පිල ජනවාරියේ ඉන්දීය සංචාරයක

editorial - 2022 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නිමා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ (2023) ජනවාරි මස ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය. එම තරග සංචාරය එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත වන අතර තවමත් එම තරග පැවැත්වෙන දින සහ ක්‍රීඩාංගණ නිල වශයෙන් නම් කර නොමැත. 

එම තරගාවලයට පෙර එනම් දෙසැම්බර් මාසයේදී එල්.පී.එල්. තරගාවලියේ තෙවැනි අදියර පැවැත්වීමට නියමිත අතර එය මෙම වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණද රට තුළ පැවැති අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් දෙසැම්බර් මාසය දක්වා කල්දැමීමට සිදුවිය. 

ජනවාරි මාසයේදී නිරතවන ඉන්දීය සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම, මෙරටදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව එක්දින තරග 3 කට සහභාගි වීමට නියමිතව ඇත. බොහෝ දුරට එම තරගාවලිය ජනවාරි මස අග භාගයේ සහ පෙබරවාරි මස මුල් භාගයේදී පැවැත්වීමට නියමිතය. 

ඇෆ්ඝනිස්ථාන තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 2 කින්, එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත දීර්ඝ තරග සංචාරයක් සඳහා නවසීලන්තය බලා යනු ඇත. එම තරග සංචාරය මාර්තු සහ අප්‍රේල් මාසවලදී ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිල ජනවාරියේ ඉන්දීය සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.