Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිල අර්ධ අවසන් පූර්ව වටයට
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

ශ්‍රී ලංකා පිල අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ ඊයේ (30 වැනිදා) රාත්‍රියේ පැවැති තරග වටයකදී පාකිස්තානයට එරෙහිව තරග 4-1 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරයන් ලෙස බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. එහිදී ඔවුන් ‘ඩී’ කාණ්ඩයේ ශූරයන් වන මැලේසියාවට එරෙහිව තරග වැදීමට නියමිතය. එම තරගය අද (31 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතය.

මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ පාකිස්තානයට ‍එරෙහිව පැවැති තරග වටයේදී පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල තරග ජයගත් අතර පරාජයට පත්වූයේ කාන්තා කේවල තරගය පමණි.

එහිදී වට 2-0 ක් ලෙස පිරිමි කේවල තරගය ජයගත් නිලූක කරුණාරත්න, ඉන් නොනැවතී සචින් ඩයස් සමග එක්ව වට 2-0 ක් ලෙස පිරිමි යුගල තරගයද ජයගත්තේය. සචින් ඩයස් වට 2-0 ක් ලෙස මිශ්‍ර යුගල තරගය ජයගත්තේ තිළිණි හෙන්ඳහේවා සමග එක්ව තරග වදිමිනි.

කාත්නා කේවල තරගයේදී වට 2-0 ක් ලෙස ප්‍රතිවාදී ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත්වූ සුහස්නි විදානගේ, ඉන් අනතුරුව පැවැති කාන්තා යුගල තරගය වට 2-0 ක් ලෙස ජය ගත්තේ තිළිණි හෙන්ඳහේවා සමග එක්ව තරග වදිමිනි. 

තරග ප්‍රතිඵල

පිරිමි ‍කේවල

නිලූක කරුණාරත්න විසින් වට 2-0 ක් ලෙස නුරාඩ් අලී පරාජය කරන ලදි. (21/09, 21/11)

පිරිමි ‍යුගල  

නිලූක කරුණාරත්න සහ සචින් ඩයස් විසින් වට 2-0 ක් ලෙස මුරාඩ් අලී සහ ඉර්ෆාන් සයීඩ් පරාජය කරන ලදහ. (21/15, 21/13)

කාන්තා කේවල

මහූර් ෂේසාඩ් විසින් වට 2-0 ක් ලෙස සුහස්නි විදානගේ පරාජය කරන ලදි. (22/20, 21/15)

කාන්තා යුගල

තිළිණි හෙන්දහේවා සහ සුහස්නි විදානගේ විසින් වට 2-0 ක් ලෙස මහූර් ෂේසාඩ් සහ ඝසාලා සිද්ධික් පරාජය කරන ලදහ. (21/15, 21/08)

මිශ්‍ර යුගල

සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා විසින් වට 2-0 ක් ලෙස ඉර්ෆාන් සයීඩ් සහ ඝසාලා සිද්ධික් පරාජය කරන ලදහ. (21/09, 21/11)


අදහස් (0)

ශ්‍රී ලංකා පිල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.