Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපායමාර්ගික පුහුණුකරුවකු ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
තරගාවලිය තුළදී මාලිංග ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සහාය දක්වන අතර ක්‍රමෝපායික සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුගේ උපායමාර්ගික දැනුම සහ තාක්ෂණික විශේෂඥතාව ලබා දෙනු ඇතැයි ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
විස්සයි-20 තරග රටාවේදී අවසන් ඕවර කිහිපය යැවීම සඳහා මාලිංග සතුව පවතින උපායමාර්ගික දැනුම මෙවැනි වැදගත් තරගාවලියකදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාස කරයි.
පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 තරග 5 කින් සමන්විත වූ තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදීද මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපායමාර්ගික පුහුණුකරු ලෙස කටයුතු කළේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.