Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා නායකත්වය චමෝදිට
යොවුන් කාන්තා තුන්කොන් තරගාවලිය

ශ්‍රී ලංකා නායකත්වය චමෝදිට

editorial - 2026 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(දමින්ද විජේසූරිය)
 
තුන්කොන් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවන ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ නායිකාව වීමේ වගකීම මොණරාගල ප්‍රඥානන්ද මහා විද්‍යාලයේ චමෝදි ප්‍රබෝදා වෙත පවරා තිබේ. තවමත් 16 හැවිරිදි ක්‍රීඩිකාවක වන චමෝදි ප්‍රබෝධා, පසුගිය වසරේදී පැවැති කාන්තා යොවුන් ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ, 19 න් පහළ වයස් කාණ්ඩයේ, පළපුරුදු ක්‍රීඩිකාවකි. 
 
මෙම කණ්ඩායමට රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රීඩිකාවන් තිදෙනකුම ඇතුළත්ව සිටින අතර ඔවුන් තිදෙනාම 2025 කාන්තා යොවුන් ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කළහ. උඩුදුම්බර ද්විතික විද්‍යාලයේ ධරණි දිසානායක මෙම කණ්ඩායමට තෝරාගත් නමුත් ඇයගේ පාදයේ වළලු කර ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඇය සංචාරයට එක් නොවේ. 
 
ඕස්ට්‍රේලියාවේ බි්‍රස්බේන් සහ ගෝල්ඩ් කෝස්ට් නගර වලදී ඕස්ටේ්‍රලියානු 19 න් පහළ, එංගලන්ත 19 න් පහළ සහ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලි දෙක පැවැත්වෙයි. මෙම තරගාවලිය එක්දින තුන්කොන් තරගාවලියකින් සහ විස්සයි-20 තුන්කොන් තරගාවලියකින් සමන්විතය. එහෙත් තරගාවලි දෙකම පැවැත්වෙන්නේ කණ්ඩායම් තුනේ ක්‍රීඩිකාවන්ට අත්දැකීම් ලබාගන්නට බැවින් තරගාවලි දෙකෙන් එකකට හෝ කුසලාන ප්‍රදානය නොකෙරේ. 
 
ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම පසුගිය 3 වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. 
 
එක්දින තරගාවලිය මේ මස 6 වැනිදා ආරම්භ වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග 7 වැනිදා එංගලන්තයට එරෙහිවත්, 8 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිවත් පැවැත්වේ.
 
ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම 
චමෝදි ප්‍රබෝධා (නායිකාව) - මොණරාගල ප්‍රඥානන්ද මහා විද්‍යාලය 
විමෝක්‍ෂා බාලසූරිය - ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලය
සංජනා කාවින්දි - රත්ගම දේවපතිරාජ විද්‍යාලය
උමයංගනා පීරිස් - මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය
නෙතඟි ඉසුරාංජලී - රත්ගම දේවපතිරාජ විද්‍යාලය
ශශිනි ගිම්හානි - රත්ගම දේවපතිරාජ විද්‍යාලය
ප්‍රමුදි මෙත්සරා - උහන ජාතික පාසල, අම්පාර
ලිමන්සා තිලකරත්න 
නෙත්මි උපේක්‍ෂා - කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය
අසේනි තලගුණේ - මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය
චමෝදි හේරත් - මාතර අනුර විද්‍යාලය 
දනෝද්‍යා සෙව්මිණි - ආණමඩුව මධ්‍ය විද්‍යාලය, පුත්තලම
යෙෂාලි ජිතාරා - නුගේගොඩ අනුලා විද්‍යාලය
දාරියා දිසානායක - කොළඹ කාන්තා විද්‍යාලය
ශයනි තෙන්නකෝන් - පොළොන්නරුව රාජකීය විද්‍යාලය

අදහස් (0)

ශ්‍රී ලංකා නායකත්වය චමෝදිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.