Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ‘බී’ කාණ්ඩයෙන් සටනට
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ‘බී’ කාණ්ඩයෙන් සටනට

editorial - 2022 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී මේ මස 29 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, එහි මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග බිමට පිවිසීමට නියමිතය.

එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින සෙසු කණ්ඩායම් වෙති. ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්තානය සහ බාර්බඩෝස් දූපත ‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටිති.

තරගාවලියට සහභාගිවන ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය චමරි අතපත්තුට හිමිව ඇත. නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඕෂදී රණසිංහ සහ ඉනෝකා රණවීර සංචිතයට ඇතුළත්ව සිටින ප්‍රබල ක්‍රීඩිකාවෝ වෙති.
 
ඉන්දීයාවට එරෙහිව පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී සංචිතයට ඇතුළත්ව සිටි සත්‍යා සංදීපනී, කෞෂානි නුත්‍යංගනා, හංසිමා කරුණාරත්න සහ තාරිකා සෙව්වන්දි යන ක්‍රීඩිකාවන් සිවුදෙනාට මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමිවී ඇත.


ශ්‍රී ලංකා සංචිතය
චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, විෂ්මි ගුණරත්න, මල්ෂා ෂෙහානි, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අමා කාංචනා, අචිනි කෞෂල්‍යා, ඉනෝකා රණවීර, උදේෂිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරි, රෂ්මි ද සිල්වා, ඕෂදී රණසිංහ සහ අනුෂ්කා සංජීවනී

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ‘බී’ කාණ්ඩයෙන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.