Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් සිදුවීම් සහ ඒ ආශ්‍රිත කරුණු විමසීමට පත්කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව පදනම් කරගනිමින්, නුදුරු දිනයකදීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. ඒ සඳහා ඉස්මතුවිය හැකි ප්‍රධාන කාරණා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “අත දිගහැර කළ වියදම්” සහ ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා නිලධාරීන් 16 දෙනකු ඕස්ටේ්‍රලියාව බලා යාම මෙන්ම විමර්ශන කමිටුව හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් කළ පරස්පර විරෝධී ප්‍රකාශයි.
ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වියදම් කළ මුදල රුපියල් කෝටි හය හමාර (6,51,26,310 ක්) ඉක්මවයි.
ඔවුන් සඳහා ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් සඳහා පමණක් රුපියල් කෝටි දෙක හමාරක් (2,56,87,498 ක්) වැයවී තිබේ. නිලධාරීන් 16 දෙනාටම, දිනයකට ඇමරිකානු ඩොලර් 700 ක් (රුපියල් ලක්‍ෂ දෙක හමාරක්) වන පරිදි ඩොලර් 1,07,800 ක් (රුපියල් 3,94,38,812 ක්) හෙවත් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් දීමනා වශයෙන් ගෙවා තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා කියා සිටියේ විධායක කමිටු නිලධාරීන්ට ගෙවන ලද සියලුම මුදල් වෙනුවෙන් එවකට සිටි ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාගෙන් අනුමැතිය ගත් බවයි. ක්‍රීඩා අමාත්‍යංශයේ එවකට සිටි ලේකම්වරයා වූ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී හිටපු ලේකම්වරයා, ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ ප්‍රකාශය තහවුරු කළේය.
“අපි ඒ වෙනකොට ආසියානු කුසලාන දිනලා හිටියේ. ඒ තත්ත්වයේ ඉඳගෙන ලෝක කුසලාන තරගාවලියේ කටයුතු සඳහා උදව් වෙන්න ඕස්ටේ්‍රලියාවට යන්න ඕනෑ කියලා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීම් කළේ. ඒත් පුළුවන් තරම් අඩුවෙන් වියදම් කරන්න කියලා අපි ඒ ගොල්ලන්ට අනුමැතිය දුන්නා” යයි වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
කෙසේ වෙතත් වාර්තා වී ඇති මූල්‍ය අවභාවිතයේ බරපතලකම සැලකිල්ලට ගනිමින්, ක්‍රීඩා නීතිය සහ ඒ යටතේ ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසි යටතේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවීම හෝ අවලංගු කිරීම අමාත්‍යවරයාට කළ හැකි බව විමර්ශන කමිටු වාර්තාවේ සඳහන් වේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා කියා සිටියේ මෙම විමර්ශන කමිටු වාර්තාව තවමත් තමන්ට ලැබී නැති බවත්, එම වාර්තාව ගැන තමන් දන්නේ මාධ්‍යයේ පළවූ වාර්තා සම්බන්ධයෙන් පමණක් වන බවයි.
“අපිට වාර්තාව ලැබුණාම, අපි අපේ පැත්තෙන් කරුණු දක්වනවා” යයි ද ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විමර්ශන කමිටුව විසින් සකස් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන ලෙස එය මේ වන විටත් ජාතික ක්‍රීඩා සභාව වෙත යොමුකර තිබේ.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධාන උපදේශක මණ්ඩලය වන්නේ සාමාජිකයන් 15 දෙනකුගෙන් සමන්විත ජාතික ක්‍රීඩා සභාවයි. ශ්‍රී ලංකා පිලේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා දැනට එහි සභාපති ධූරය දරයි.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව, ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම, දිරිමත් කිරීම, නියාමනය කිරීම සහ පාලනය කිරීමයි. එහෙත් වගකිවයුතු තනතුරු දරන නිලධාරීන් එය නොකර, ඔවුන් ක්‍රීඩාවට කරන සේවයට දිරිගැන්වීමක් වශයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුදල් ඔවුන්ගේ පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදාගෙන ඇත” යයි පිටු 63 කින් සමන්විත විමර්ශන කමිටු වාර්තාවේ සඳහන් වේ.
විමර්ශන වාර්තාවේ 64 වැනි පිටුවේ සිට 161 වැනි පිටුව දක්වා සාක්ෂි සම්පිණ්ඩනය සඳහා වෙන්කර තිබේ.
Upali Ratnayake Monday, 16 January 2023 09:49 PM
එක් කණ්ඩායමක් මුදල් අවභාවිතය, ආගමික අන්තවාදය, කණ්ඩායමේ විනය යනාදී කරුණු ගැන සලකා බලනවිට විසුරුවා ලීම සාධාරණයි...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.