
(නාමල් පතිරගේ)
මීගමුව වෙරළ තීරයේ දී අද (18) ආරම්භ වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරග මාලාවේ දී ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණ 7 ක් වාර්තා කරන ලදි.
රටවල් පහක සහභාගිත්වයෙන් මෙම තරග මාලාව අද ආරම්භ විය. ශ්‍රී ලංකාව කාන්තා හා පිරිමි ඉසව් දෙක සඳහා කණ්ඩායම් දෙකක් බැගින් ඉදිරිපත් කළේය. තරග මාලාව ඉරිදා (20) රාත්‍රිය දක්වා මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වේ.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවට ඇති වැදගත්කම වන්නේ එහිදී දක්ෂතා දක්වන හොඳම ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් ජුලි 28 වැනිදා එංගලන්තයේ ‘මැන්චෙස්ටර්’ නුවරදී ආරම්භ වන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ තරගාවලියට නිර්දේශ වීමයි.
මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරග මාලාවේ අද (18) ශ්‍රී ලංකාව සහභාගිවූ තරග ප්‍රතිඵල.
පිරිමි තරගාවලිය
ශ්‍රී ලංකා - අංක 1 කණ්ඩායම (ටිරෝන් ජයතිලක - අශේන් රස්මිත) විසින් උස්බෙකිස්තාන කණ්ඩායම වට 2/0 ක් ලෙස පරාජය කරන ලදී. (21/15-21/12)
ශ්‍රී ලංකා- අංක 3 කණ්ඩායම (අංජන සන්දීපන - සඳුන් මධුසංඛ) විසින් ඉරාන කණ්ඩායම වට 2/0 කට පරාජය කරන ලදී. (21/16-31/29)
ශ්‍රී ලංකා - අංක 1 කණ්ඩායම (ටිරෝන් ජයතිලක - අශේන් රස්මිත ) විසින් පාකිස්තාන කණ්ඩායම වට 2/0 කට පරාජය කරන ලදී. (21/15-21/13)
ඉරාන කණ්ඩායම විසින් ශ්‍රී ලංකා අංක - 2 කණ්ඩායම (නලින් පෙරේරා - මලින්ත යාපා) වට 2/1කට පරාජය කරන ලදී. (24/22-13/21-15/10)
ශ්‍රී ලංකා - අංක 3 කණ්ඩායම (අන්ජන සන්දීපන - සඳුන් මධුශංඛ) විසින් මාලදිවයින කණ්ඩායම වට 2-1 කින් පරාජය කරන ලදී. (19/21-21/19-15/12)
පාකිස්තාන කණ්ඩායම විසින් ශ්‍රී ලංකා - අංක 2 කණ්ඩායම (නලීන් පෙරේරා - මලින්ත යාපා) වට 2-0 කින් පරාජය කරන ලදී. (21/18-21/14)
කාන්තා තරගාවලිය
ශ්‍රී ලංකා - අංක 2 කණ්ඩායම (චතුරිකා වීරසිංහ - හෂිණී මල්ෂා) විසින් උස්බෙකිස්ථාන කණ්ඩායම වට 2/0 කින් පරාජය කරන ලදී. (21/08-21/04)
ශ්‍රී ලංකා - අංක 3 කණ්ඩායම (ෂෙහානි අසංගා-සුලෝචනා ජයවර්ධන) විසින් වට 2/0 කට මාලදිවයින කණ්ඩායම පරාජය කරන ලදී.
ශ්‍රී ලංකා - අංක 1 කණ්ඩායම (දීපිකා බණ්ඩාර - දිනේෂා ප්‍රසාදිනී) විසින් වට 2/0 කට ශ්‍රී ලංකා අංක 3 කණ්ඩායම (ෂෙහානි අසංගා- සුලෝචනා ජයවර්ධන) පරාජය කරන ලදී.



(ඡායාරූප - ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.