Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව 9 වැනි තැනට ඇද වැටෙයි

ශ්‍රී ලංකාව 9 වැනි තැනට ඇද වැටෙයි

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ වාර්ෂික යාවත්කාලීන කිරීම අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 9 වැනි ස්ථානයට වැටී තිබේ. එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් ආරම්භ කළදා සිට මේ දක්වා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ඇද වැටුණු පහළම ස්ථානය මෙයයි.

වාර්ෂික යාවත්කාලීන කිරීම් අනුව ශ්‍රී ලංකා පිල සතුව දැනට ඇත්තේ ප්‍රසාද ලකුණු 76 ක් පමණි. දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ආරම්භ කිරීමට පෙර ප්‍රසාද ලකුණු 78 ක් ලබා 8 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන් හමුවේ ලද 5-0 ක තරගාවලි පරාජයෙන් පසුව ප්‍රසාද ලකුණු 2 ක් අහිමි කරගත් නමුත් 8 වැනි ස්ථානයේම රැඳී සිටියේය. එහෙත් වාර්ෂික යාවත්කාලීන කිරීමේදී කොදෙව් පිල ඉහළට ඇදී යාම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම 9 වැනි ස්ථානයට ඇද වැටිණ.

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත පිල පළමු ස්ථානය ගෙන තිබේ. එහෙත් මේ මස අවසානයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය දක්වා එංගලන්ත පිලේ ස්ථානය රැකගැනීමට නම් ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන එක්දින තරග 6 කින් තරග 4 ක් වත් ජයගත යුතුව තිබේ.

එංගලන්ත කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව එක්දින තරගයකට සහ පාකිස්තානයට එරෙහිව එක්දින තරග 5 කට සහාගි විමට නියමිතය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව 9 වැනි තැනට ඇද වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.