Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් අතරේ 10 වැනි ස්ථානයට වැටී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉරිදා (20 වැනිදා) ලබාගත් ජයග්‍රහණයත් සමගින් යන්තමින් 9 වැනි ස්ථානයට පැනගැනීමට සමත් වූයේය.
10 වැනි ස්ථානයේ සිටින බංග්ලාදේශයත් දැනට 9 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවත් අතර ශ්‍රේණිගත ලකුණු පරතරයක් නැත. දෙපිලම ශ්‍රේණිගත ලකුණු 231 ක් බැගින් ලබා සිටිති. දෙපිලේම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව දෙපිල සහභාගි වූ තරග සංඛ්‍යාවෙන් බෙදා බැලීමේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ 0.281 කිනි.
ඕස්ට්‍රේලියානු සංචාරය ආරම්භ වීමට පෙර ශ්‍රේණිගත කිරීම් අනුව 8 වැනි ස්ථානයේ (ශ්‍රේ. ලකුණු 232) සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම තරග 4 ක් පරාජය වීමෙන් පසුව 10 වැනි ස්ථානයට ඇද වැටිණ. එහෙත් 20 වැනිදා පැවැති තරගයෙන් පසුව නැවත වරක් 9 වැනි ස්ථානයට පිවිසියේ ඉරිදා තරගයේදී ලබාගත් ජය හේතුවෙනි.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගාවලිය 4-1 කින් ජයගත් නමුත් ඕස්ට්‍රේලියාවට එකතුවූයේ ශ්‍රේණිගත ලකුණක් පමණි. මෙම තත්ත්වය හමුවේ ඉදිරියේ එන ඉන්දීය සංචාරය ශ්‍රී ලංකා පිලට ජයගත හැකිනම් එය ශ්‍රේණිගත ලයිස්තුවේදී ඉහළට යාම සහා ශ්‍රී ලංකා පිලට බෙහෙවින් තීරණාත්මක වනු ඇත. මක්නිසාද යත් ඉන්දීය කණ්ඩායම මේ වනවිට ශ්‍රේණිගත ලැයිස්තුවේ මුල් ස්ථානයේ සිටින බැවිනි.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.