Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව - එංගලන්තය අවසන් තරගයට

ශ්‍රී ලංකාව - එංගලන්තය අවසන් තරගයට

editorial - 2019 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා, එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් වයස 19 න් පහළ කණ්ඩායම් අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන තුන් කොන් යොවුන් එක්දින ජාත්‍යන්තර තරගාවලියේ මූලික වටයේ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා සහ එංගලන්ත යොවුන් කණ්ඩායම් සමත් විය.

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් වලට එරෙහිව තරග 3 කට බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ අතර මේ වන විට එහි තරග 7 ක් නිම වී තිබේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිතව අත්තේ තවත් ශ්‍රී ලංකා - එංගලන්ත තරගයක් සහ ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තරගයක් පමණි.

මෙතෙක් පැවැත් තරගවලදී ජයග්‍රහණ 3 බැගින් අත්කර ගෙන සිටින එංගලන්ත යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 6 බැගින් ලබා පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවල රැදී සිටිති. එංගලන්ත යොවුන් කණ්ඩායම තරග 5 කට සහභාගි වී ඉන් තරග 2 ක් පරාජය වී ඇති අතර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග 4 කට සහභාගි වී ඉන් පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණි.

ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටින සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම තරග 5 කට සහභාගී වී එක් තරගයක් ජය ගෙන තරග 4 ක් පරාජයට පත්ව සිටියි. ඒ අනුව ඔවුන්ට හිමිව ඇත්තේ ලකුණු 2 ක් පමණි. එබැවින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත ඉතිරි තරගය ජයගත්තද කොදෙව් යොවුන් කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක් නොමැත.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ කොදෙව් යොවුන් කණ්ඩායම අතර තරගය ලබන 17 වැනිදාද, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර තරගය ලබන 19 වැනිදාද පැවැත්වෙන අතර තරගාවලියේ අවසන් මහ තරග ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතය. සියලුම තරග බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි කූලීජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකාව - එංගලන්තය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.