Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට
2022 ලෝක කුසලාන

ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට

editorial - 2022 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ඔක්තෝබර් මස 16 වැනිදා සිට නොවැම්බර් මස 13 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය. නෙදර්ලන්තය, නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින සෙසු රටවල් වෙති. 

තරගාවලියේ මූලික වටය රටවල් 8 ක සහභාගීත්වයෙන් කාණ්ඩ ‍2ක් යටතේ පැවැත්වේ. අවසන් වරට (2021) පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් ස්ථාන 4 ට පත්වූ කණ්ඩායම් සහ මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අදියර දෙකේ ශූරයන් සහ අනු ශූරයන් එහිදී තරගවදිනු ඇත.

ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, නැමීබියාව සහ ස්කොට්ලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය යටතේ තරග වැදීම සඳහා සුදුසුකම් ලබාගත්තේ අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් ස්ථාන 4 ට (9 වැනි ස්ථානයේ සිට 12 වැනි ස්ථානය දක්වා) අතරට එක්වෙමිනි. 

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘ඒ’ අදියරේ ශූරයන් බවට පත්වෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්, එම අදි‍යරේ අනු ශූරයන් බවට පත්වෙමින් අයර්ලන්තයත්, ‘බී’ අදියරේ ශූරයන් බවට පත්වෙමින් සිම්බාබ්වේ පිලත්, එම අදියරේ අනු ශූරයන් බවට පත්වෙමින් නෙදර්ලන්තයත් මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත්හ. 

තරගාවලියේ මූළික වටය ආරම්භ කරමින් ඔක්තෝබර් මස 16 වැනිදා නැමීබියාවට එරෙහිව ශ්‍රී ලංකාව ගීලෝන්හිදී තරග බිමට පිවිසීමට නියමිතය. ඉන් අනතුරුව ඔක්තෝබර් මස 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවද, 20 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවද ශ්‍රී ලංකාව මූලික වටයේදී තරග වැදීමට නියමිතය.

මූලික වටය අවසානයේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල ශූරයන්‍ට සහ අනු ශූරයන්ට තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයට පිවිසීමට අවස්ථාව උදාවනු ඇත. අවසන් වටර පැවැති ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පාකිස්තානය, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය මේ වන විටත් සුපිරි 12 දෙනාගේ වටයට ඇතුළත්ව සිටිති. 

සුපිරි 12 දෙනාගේ වටයේදී පළමු කාණ්ඩය සහ දෙවැනි කාණ්ඩය ලෙස කණ්ඩායම් 6 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වේ. එහිදී ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය සහ ඇෆ්ඝනිස්ථානය ඉන් පළමු කාණ්ඩයටද, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය ‍දෙවැනි කාණ්ඩයටද එක්ව සිටිති. ‍

මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වන කණ්ඩායමට සහ ‘බී’ කාණ්ඩයේ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායමට සුපිරි 12 දෙනාගේ වටයේදී පළමු කාණ්ඩය යටතේ තරග වැදීමට සිදුවන අතර ‘බී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වන කණ්ඩායමට සහ ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායමට සුපිරි 12 දෙනාගේ වටයේදී දෙවැනි කාණ්ඩය යටතේ තරග වැදීමට සිදුවේ.එ

ඒ අනුව මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරගවදින ශ්‍රී ලංකාවට එහි ශූරයන් බවට පත්වුව හොත් සුපිරි 12 දෙනාගේ ව‍‍‍ටයේදී පළමු කාණ්ඩය යටතේද, අනු ශූරයන් බවට පත්වුව හොත් සුපිරි 12 දෙනාගේ ව‍‍‍ටයේදී දෙවැනි කාණ්ඩය යටතේද තරග වැදීමට අවස්ථාව උදාවනු ඇත. 

 

මූලික වටය

‘ඒ’ කාණ්ඩය

ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය

‘බී’ කාණ්ඩය

බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය 

 

සුපිරි 12 දෙනාගේ වටය

පළමු කාණ්ඩය

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, ඇෆ්ඝනිස්ථානය, ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් සහ ‘බී’ කාණ්ඩයේ අනු ශූරයන්

දෙවැනි කාණ්ඩය

ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, ‍‘බී’ කාණ්ඩයේ ශූරයන් සහ ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරයන් 

 

මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන තරග (ශ්‍රී ලංකා වේලාවෙන්)

ඔක්තෝබර් 16 වැනිදා - නැමීබියාවට එරෙහිව පෙරවරු 10.30 ට

ඔක්තෝබර් 18 වැනිදා - එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පස්වරු 2.30 ට

ඔක්තෝබර් 20 වැනිදා - නෙදර්ලන්තයට එරෙහිව පෙරවරු 10.30 ට


අදහස් (0)

ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.