Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුසල් මෙන්ඩිස් සහ දසුන් ශානක දෙදෙනාගේ සටන්කාමී පිතිහරඹයට ස්තුති වන්නට මෙල්බර්න් නුවරදී අද (20 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක ජයක් අත්කර ගත්තේය. මෙම ජයග්‍රහණය හේතුවෙන් 5-0 ක තරගාවලි ජයක් වළක්වා ගත් ශ්‍රී ලංකාව හමුවේ ඕස්ට්‍රේලියානුවෝ 4-1 කින් තරගාවලිය දිනාගත්හ.
ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයත් සමගින් ඕස්ට්‍රේලියානුවන් එක දිගට රඳවාගෙන ආ විස්සයි-20 ජයග්‍රහණ මාලාව, ජයග්‍රහණ 8 කින් අවසන් විය. කෙසේ වෙතත් මෙම තරගයේදී ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රබලතම ක්‍රීඩකයන් කිහිප දෙනකුම ක්‍රීඩා නොකළ බවද අමතක කළ යුතු නොවේ.
වේග පන්දු යවන්නන් වන පැට් කමින්ස්, මිචෙල් ස්ටාක් සහ ජොෂ් හේසල්වුඩ් තිදෙනා පමණක් නොව ඉදිරිපෙළ පිතිකරුවන් වන ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ් ද අද තරගයේදී ක්‍රීඩා නොකළහ.
ලකුණු 155 ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලේ සිව්වැනි කඩුල්ලත් ලකුණු 71 කට ඇද වැටෙන විට ඕවර 9 ක් අවසන් වී තිබිණ. කෝඩුකාරයන් දෙදෙනා වන කමිල් මිෂාර (1) සහ ජනිත් ලියනගේ (8) දෙදෙනාම දුවද්දී දැවී යද්දී අනෙක් අන්තයේ සිටි පිතිකරුවා වූයේ කුසල් මෙන්ඩිස්ය. එතැන් සිට තරගය ජයගැනීමට නම් ඕවර 11 කදී ලකුණු 84 ක් අවශ්‍ය වී තිබිණ.
නායකයකු වශයෙන් තමන් හමුවේ ඇති වගකීම වටහාගත් දසුන් ශානක ආරම්භක පිතිකරුවා වූ කුසල් මෙන්ඩිස් සමගින් එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ගියේය. අවසන් ඕවර 3 දී ලකුණු 28 ක් අවශ්‍ය වූ අතර රිචඩ්සන්ලා දෙදෙනා හමුවේ ස්කූප් පහර දෙකකින් පන්දුව හතරේ සීමාවට යැවූ මෙන්ඩිස් අවසන් ඕවරයේදී ඉලක්කය ලකුණු 9 ක් තරම ආසන්නයට ගෙන ආවේය.
අවසන් ඕවරය යැවූ කේන් රිචඩ්සන්ට තිබුණේ තරමක අභියෝගයකි. මෙල්බර්න් පිටියට රැස්ව සිටි දහස් ගණන් ප්‍රේක්‍ෂකයන් කුල්මත් කරමින් පන්දු 3 කින් ලකුණු 8 ක් ලබාගත් ශ්‍රී ලංකා නායකයා පන්දුව නරඹන්නන් අතරටත් යැවූවද ඊළඟ පන්දුවේදී දැවී ගියේය. පසුව පැමිණි චාමික කරුණාරත්නට තිබුණේ එක ලකුණක් ලබාගැනීම පමණි.
තමන්ගේ හොඳම පන්දු යවන්නා වන වනිඳු හසරංගගේ සේවය අහිමිව තිබියදීත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 154 කට සීමා කරගත්හ.
ඕස්ට්‍රේලියානුවන්ගේ පස්වැනි කඩුල්ලත් ලකුණු 82 දී බිම දමාගත් නමුත් කඩුලු රකින්නා වන මැතිව් වේඩ් (නොදැවී 43) සහ ඩැනියෙල් සෑම්ස් (18) එක්ව පන්දු 36 කදී ලකුණු 64 ක් එකතු කරමින් ඕස්ට්‍රේලියානු ලකුණු සංඛ්‍යාව 140 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.
දුෂ්මන්ත චමීර යැවූ අවසන් ඕවරයෙන් ඕස්ට්‍රේලියානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 7 කි. අවසන් ඕවර 5 දී ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ ලකුණු 58 ක් උදුරා ගත් බව සැබෑවක් නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තමන්ගේ වගකීම සාධාරණ මට්ටමකට ඉටුකරමින් 5-0 ක පරාජය වළක්වා ගත්හ.
කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරාගත්තද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සාර්ථක පන්දු යැවීම සහ අගනා පන්දු රැකීම හමුවේ ලකුණු 82 කට කඩුලු 5 ක් බිඳ වැටිණ. එහෙත් එහි වාසිය අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවසර නොදුන් මැතිව් වේඩ්, පන්දු 27 කින් ලකුණු 43 ක් ලබාගත්තේ හයේ පහර 2 ක් සහ හතරේ පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.
ආක්‍රමණයේ වගකීම කඩුලු රකින්නාට බාරදී, කදිම සහයෝගී පිතිහරඹයක නිරත වූ ඩැනියෙල් සෑම්ස් පන්දු 15 කින් ලකුණු 18 ක් ලබාගත් අතර දෙවතාවක්ම පන්දුව හතරේ සීමාවට පිටත්කර යැවීමටත් පසුබට නොවීය.
දිගු කලකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්නන් 5 දෙනකුගෙන් ඕවර 20 නිමා කළේ සියලු දෙනාම හොඳින් පන්දු යැවූ බැවිනි. ඔවුන් අතුරින් දුෂ්මන්ත චමීර උඩපන්දු දෙකක් රැකගනිමින් අතිරේක දායකත්වයක් දැක්වීය.
තරගාවලියේ පළමු තරග 4 ම ජයගෙන සිටින ඕස්ට්‍රේලියානුවන්ගේ අරමුණ 5-0 ක තරගාවලි ජයක් ලබාගැනීමයි. එහෙත් ඕස්ටේ්‍රලියානුවන් මෙම තරගයට පිවිස සිටින්නේ තමන්ගේ ප්‍රබලතම පන්දු යවන්නන් වන ජොෂ් හේසල්වුඩ්, පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාක් තිදෙනාම විවේක ගන්වමිනි. කෙසේ වෙතත් පසුගිය තරග දෙකේදීම ඉනිම ආරම්භ කළ ඇෂ්ටන් ආගර් නැවතත් පසුපෙළට තල්ලු කරමින් නායක ඒරන් ෆින්ච් ඉනිම ආරම්භ කිරීම බාරගත්තේය.
දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක සහ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කරන ලදි. ඔවුන් දෙදෙනා වෙනුවෙන් තවමත් 20 හැවිරිදි කමිල් මිෂාර සහ 26 හැවිරිදි ජනිත් ලියනගේ අද ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගත්හ. මේ දෙදෙනාගෙන් කමිල් මිෂාර දීප්තිමත් අනාගතයක් හිමි ක්‍රීඩකයෙකි.
පසුගිය තරග දෙකේදීම ප්‍රහාරයට ලක්වූ ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට කැඳවන ලදි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.