Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව තවත් ලකුණු 289 ක් පසුපසින්

ශ්‍රී ලංකාව තවත් ලකුණු 289 ක් පසුපසින්

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පෝර්ට් ඔෆ් ස්පේන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයවූ අද (8 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 125 ක් රැස්කර සිටියේය.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 25 ක් සහ ඩිල්රුවන් පෙරේරා ලකුණු 4 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

දික්වැල්ල සමගින් එක්ව කඩාවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 44 කට දවාගැනීමට ෂැනෝන් ගේබි්‍රයෙල් සමත්විය. රොස්ටන් චේස් අතට උඩපන්දුවක් දෙමින් චන්දිමාල් දැවීයන විට නිරෝෂන් දික්වැල්ල සමගින් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 78 ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබුණි.

ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 12 ක් එක්වන විටදී අද දින පළමු කඩුල්ල ලෙස රොෂේන් සිල්වා දවාගැනීමට කෙමාර් රෝච් සමත්විය. කෙමාර් රෝච් පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් රොෂේන් සිල්වා දැවීයන විට ඔහු රැස්කර සිටියේ ලකුණු 5 ක් පමණි.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (7 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලබා සිටියේ ලකුණු 31 ක් පමණි. පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා පිල තවත් ලකුණු 289 ක් ලබාගත යුතුවන නමුත් ශ්‍රී ලාංකිකයන් සතුව ඇත්තේ කඩුලු 5 ක් පමණි. 

බටහිර ඉන්දීය කොදෙව්  - පළමු ඉනිම 
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - ඇ.දික්වැල්ල ප.ලක්මාල් 3
ඩෙවොන් ස්මිත්  - දුවද්දී දැවී ගියා  7
කිරන් පවෙල්  - ප.කුමාර  38
ෂායි හෝප්  - ඇ.දික්වැල්ල ප.කුමාර 44
රොස්ටන් චේස්  - ඇ.මැතිව්ස් ප.හේරත්   38
ෂේන් ඩව්රිච් - නොදැවී  125
ජේසන් හෝල්ඩර් - ඇ.දික්වැල්ල ප.කුමාර 40
දේවේන්ද්‍ර බිශූ - ඇ.සිල්වා ප.ලක්මාල් 40
කෙමාර් රෝච් - ඇ.චන්දිමාල් ප.කුමාර 39
මිගෙල් කමින්ස් - නොදැවී 0
අතිරේක (බ-14, පා-20, නි-4, ව-2) 40
එකතුව (ඕවර 154 කදී කඩුලු 8 ක් දැවී ) 414
කඩුලු වැටීම 
1-04(බ්‍රැත්වෙයිට්), 2-40(ස්මිත්), 3-80(පවෙල්), 4-134(හෝප්), 5-147(චේස්), 6-237(හෝල්ඩර්), 6-237(හෝල්ඩර්), 7-339(බිශූ), 8-414(රෝච්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ෂැනෝන් ගේබ්‍රියෙල්
පන්දු යැවීම
සුරංග ලක්මාල් 29-11-55-2
ළහිරු ගමගේ 26-6-67-0
ඩිල්රුවන් පෙරේරා 35-5-84-0
ළහිරු කුමාර 31-4-95-4
රංගන හේරත් 32-9-67-1
කුසල් මෙන්ඩිස් 1-0-12-0
ශ්‍රී ලංකාව  - පළමු ඉනිම 
කුසල් මෙන්ඩිස් - ඇ.හෝල්ඩර් ප.ගේබ්‍රියෙල් 4
කුසල් පෙරේරා - ඇ.චේස් ප.රෝච් 0
දිනේෂ් චන්දිමාල් - ඇ.චේස් ප.ගේබ්‍රියෙල් 44
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.චේස් ප.හෝල්ඩර් 11
රොෂේන් සිල්වා - ප.රෝච් 5
නිරෝෂන් දික්වැල්ල - නොදැවී  25
ඩිල්රුවන් පෙරේරා - නොදැවී  4
අතිරේක (පා-4, නි-1, ව-7) 32
එකතුව (ඕවර 36 කදී කඩුලු 5 ක් දැවී ) 125
කඩුලු වැටීම 
1-2(කුසල් පෙරේරා), 2-16(මෙන්ඩිස්), 3-30(මැතිව්ස්), 4-43(සිල්වා), 5-121(චන්දිමාල්)
පන්දුවට පහර දීමට සිටින ක්‍රීඩකයෝ 
රංගන හේරත්, සුරංග ලක්මාල්, ළහිරු ගමගේ, ළහිරු කුමාර
පන්දු යැවීම
කෙමාර් රෝච් 10-3-34-2
ෂැනෝන් ගේබ්‍රියෙල් 9-0-34-2
මිගෙල් කමින්ස් 7-1-13-0
ජේසන් හෝල්ඩර් 7-1-15-1
දේවේන්ද්‍ර බිශූ 3-0-7-0

අදහස් (0)

ශ්‍රී ලංකාව තවත් ලකුණු 289 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.