Last Update  :  2025-08-17 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව කඩුලු 7 කින් ජය ලබයි

ශ්‍රී ලංකාව කඩුලු 7 කින් ජය ලබයි

editorial - 2019 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

.................................................................................................................................

දෙවැනි එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදවා කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි. තරගයේ වීරයා අවිෂ්ක ප්‍රනාන්දු.

.................................................................................................................................

ඕවර 44.4 කදී - 242/3 

(කුසල් මෙන්ඩිස් 41, ඇන්ජලෝ මැතිව්ස් 52, සබීර් රහමන්​​ 2.4-0-20-0

        

සබීර්ගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ඇන්ජලෝ මැතිව්ස්ගෙන්න් සිවුවැනි පන්දුවට ලෝන් ඕන් කළාපය හරහා තවත් හතරේ පහරක්. 

පන්දු 57 කදී හතරේ පහර 7 ක් සමගින් ඇන්ජලෝ මැතිව්ස් සිය 38 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී. 

.................................................................................................................................

ඕවර 44 කදී - 234/3 

(කුසල් මෙන්ඩිස් 41, ඇන්ජලෝ මැතිව්ස් 44, මොසැඩ්ඩෙක් හොසේන්​ 7-0-32-0

            

හොසේන්ගේ හත්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 43 කදී - 232/3 

(කුසල් මෙන්ඩිස් 40, ඇන්ජලෝ මැතිව්ස් 43, සබීර් රහමන්​​ 2-0-12-0

             

43 වැනි ඕවරය යැවීම සඳහා සබීර් රහමන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 

සබීර්ගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ලෝන් ඕන් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 42 කදී - 227/3 

(කුසල් මෙන්ඩිස් 39, ඇන්ජලෝ මැතිව්ස් 39, මොසැඩ්ඩෙක් හොසේන්​ 6-0-30-0

            

හොසේන්ගේ හයවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 41 කදී - 225/3 

(කුසල් මෙන්ඩිස් 38, ඇන්ජලෝ මැතිව්ස් 38, මෙහෙදි හසන් 10-0-51-1) 

            

හසන්ගේ 10 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ෂෝට් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 40 කදී - 217/3 

(කුසල් මෙන්ඩිස් 36, ඇන්ජලෝ මැතිව්ස් 32, මොසැඩ්ඩෙක් හොසේන්​ 5-0-28-0

            

40 වැනි ඕවරය යැවීම සඳහා මොසැඩ්ඩෙක් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 

හොසේන්ගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 39 කදී - 214/3 

(කුසල් මෙන්ඩිස් 34, ඇන්ජලෝ මැතිව්ස් 31, මෙහෙදි හසන් 9-0-43-1) 

            

හසන්ගේ නමවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

.................................................................................................................................

ඕවර 38 කදී - 213/3 

(කුසල් මෙන්ඩිස් 33, ඇන්ජලෝ මැතිව්ස් 31, මුස්තෆිසුර් රහමන් 8-0-50-2

            

39 වැනි ඕවරය යැවීම සඳහා මුස්තෆිසුර් රහමන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 

මුස්තෆිසුර්ගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවට ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අවසන් පන්දුවට කවර් කළාපය හරහා තවත් හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 37 කදී - 203/3 

(කුසල් මෙන්ඩිස් 32, ඇන්ජලෝ මැතිව්ස් 22, මෙහෙදි හසන් 8-0-42-1) 

            

37 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 

හසන්ගේ අටවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 36 කදී - 200/3 

(කුසල් මෙන්ඩිස් 31, ඇන්ජලෝ මැතිව්ස් 20, මොසැඩ්ඩෙක් හොසේන් 4-0-25-0) 

            

හොසේන්ගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුව කඩුලු රකින්නාගේ පාද අතරින් හතරේ සීමාව කරා ඇදී යයි. 

.................................................................................................................................

ඕවර 35 කදී - 193/3 

(කුසල් මෙන්ඩිස් 30, ඇන්ජලෝ මැතිව්ස් 18, ‍සෞම්‍ය සාකර් 2-0-16-0) 

            

සාකර්ගේ දෙවැනි ඕවරයේ අවසන් පන්දුවට කුසල් මෙනිඩිස්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 34 කදී - 185/3 

(කුසල් මෙන්ඩිස් 25, ඇන්ජලෝ මැතිව්ස් 15, මොසැඩ්ඩෙක් හොසේන් 3-0-22-0) 

            

හොසේන්ගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.  

.................................................................................................................................

ඕවර 33 කදී - 182/3 

(කුසල් මෙන්ඩිස් 23, ඇන්ජලෝ මැතිව්ස් 14, ‍සෞම්‍ය සාකර් 1-0-08-0) 

            

33 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක සෞම්‍ය සාකර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 

සාකර්ගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවට කුසල් මෙනිඩිස්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 32 කදී - 174/3 

(කුසල් මෙන්ඩිස් 17, ඇන්ජලෝ මැතිව්ස් 12, මොසැඩ්ඩෙක් හොසේන් 2-0-19-0) 

            

32 වැනි ඕවරය යැවීම සඳහා මොසැඩ්ඩෙක් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 

හොසේන්ගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුව වයිඩ් පන්දුවක් ලෙසින් කඩුලු රකින්නා පසුකර හතරේ සීමාව කරා ඇදි යයි. 

.................................................................................................................................

ඕවර 31 කදී - 165/3 

(කුසල් මෙන්ඩිස් 15, ඇන්ජලෝ මැතිව්ස් 10, ශෆියුල් ඉස්ලාම් 5-0-29-0) 

           

ශෆියුල්ගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 30 කදී - 157/3 

(කුසල් මෙන්ඩිස් 14, ඇන්ජලෝ මැතිව්ස් 03, සබීර් රහමන් 1-0-07-0) 

           

30 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක සබීර් රහමන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 

සබීර්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 29 කදී - 150/3 

(කුසල් මෙන්ඩිස් 09, ඇන්ජලෝ මැතිව්ස් 01, ශෆියුල් ඉස්ලාම් 4-0-21-0) 

           

29 වැනි ඕවරය යැවීම සඳහා ශෆියුල් ඉස්ලාම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

ශෆියුල්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 28 කදී - 148/3 

(කුසල් මෙන්ඩිස් 09, ඇන්ජලෝ මැතිව්ස් 00, තයිජුල් ඉස්ලාම් 10-2-35-0) 

           

තයිජුල්ගේ 10 වැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි. 

.................................................................................................................................

ඕවර 27 කදී - 148/3 

(කුසල් මෙන්ඩිස් 09, ඇන්ජලෝ මැතිව්ස් 00, මුස්තෆිසුර් රහමන්​ 7-0-40-2) 

            

මුස්තෆිසුර්ගේ හත්වැනි ඕවරයටද එක් ලකුණක් පමණයි. 

.................................................................................................................................

ඕවර 26 කදී - 147/3 

(කුසල් මෙන්ඩිස් 08, ඇන්ජලෝ මැතිව්ස් 00, තයිජුල් ඉස්ලාම් 9-1-35-0) 

           

26 වැනි ඕවරය යැවීම සඳහා තයිජුල් ඉස්ලාම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 

තයිජුල්ගේ නමවැනි ඕවරයට එක් ලකුණක් පමණයි. 

.................................................................................................................................

ඕවර 25 කදී - 146/3 

(කුසල් මෙන්ඩිස් 07, ඇන්ජලෝ මැතිව්ස් 00, මුස්තෆිසුර් රහමන්​ 6-0-39-2) 

            

මුස්තෆිසුර්ගේ හයවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ෂෝට් එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිටි සෞම්‍ය සාකර් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු 30 කට දැවී යයි. (හතරේ පහර 3 යි) 

පස්වැනි පිතිකරු ලෙස ඇන්ජලෝ මැතිව්ස් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 24 කදී - 145/2 

(කුසල් පෙරේරා 30, කුසල් මෙන්ඩිස් 06, මෙහෙදි හසන් 7-0-39-1) 

           

24 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්. 

හසන්ගේ හත්වැනි ඕවරයේ පළමු පන්දුවට කුසල් පෙරේරාගෙන් ෂෝට්ර් තර්ඩ් මෑන් කළපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 23 කදී - 137/2 

(කුසල් පෙරේරා 24, කුසල් මෙන්ඩිස් 04, මුස්තෆිසුර් රහමන්​ 5-0-38-1) 

            

මුස්තෆිසුර්ගේ පස්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි. 

.................................................................................................................................

ඕවර 22 කදී - 136/2 

(කුසල් පෙරේරා 23, කුසල් මෙන්ඩිස් 04, තයිජුල් ඉස්ලාම් 8-1-34-0) 

           

තයිජුල්ගේ අටවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 21 කදී - 133/2 

(කුසල් පෙරේරා 20, කුසල් මෙන්ඩිස් 04, මුස්තෆිසුර් රහමන්​ 4-0-37-1) 

            

මුස්තෆිසුර්ගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක් සහ අවසන් පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්. 

එම ඕවරයේ සිවුවැනි පන්දුවේදී මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ටමීම් ඉක්බාල් අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 82 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 9 යි) 

සිවුවැනි පිතිකරුවා ලෙස කුසල් මෙන්ඩිස් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 20 කදී - 125/1 

(අවිෂ්ක ප්‍රනාන්දු 78, කුසල් පෙරේරා 20, තයිජුල් ඉස්ලාම් 7-1-31-0) 

           

තයිජුල්ගේ හත්වැනි ඕවරයේ පළමු පන්දුවට කුසල් පෙරේරාගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕව‍රයේ අවසන් පන්දුවේදී අවිෂ්ක ප්‍රනාන්දු (ලකුණු 78 ක් ලබා සිටියදී) ලබාදුන් උඩ පන්දුවක් ස්වීපර් කවර් කළාපයේ පන්දු රකිමින් සිටි මොසැඩ්ඩෙක් හොසේන් අතින් ගිළිහෙයි. 

.................................................................................................................................

ඕවර 19 කදී - 117/1 

(අවිෂ්ක ප්‍රනාන්දු 76, කුසල් පෙරේරා 14, මුස්තෆිසුර් රහමන්​ 3-0-29-0) 

            

19 වැනි ඕවරය යැවීම සඳහා මුස්තෆිසුර් රහමන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්. 

මුස්තෆිසුර්ගේ තෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 18 කදී - 111/1 

(අවිෂ්ක ප්‍රනාන්දු 71, කුසල් පෙරේරා 13, තයිජුල් ඉස්ලාම් 6-1-23-0) 

                

18 වැනි ඕවරය යැවීම සඳහා තයිජුල් ඉස්ලාම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්. 

තයිජුල්ගේ හයවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 17 කදී - 105/1 

(අවිෂ්ක ප්‍රනාන්දු 69, කුසල් පෙරේරා 13, මොසැඩ්ඩෙක් හොසේන් 1-0-10-0) 

            

17 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මොසැඩ්ඩෙක් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්. 

හොසේන්ගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක් සහ පස්වැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 16 කදී - 95/1 

(අවිෂ්ක ප්‍රනාන්දු 64, කුසල් පෙරේරා 08, මෙහෙදි හසන් 6-0-31-1) 

            

හසන්ගේ හයවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 15 කදී - 91/1 

(අවිෂ්ක ප්‍රනාන්දු 62, කුසල් පෙරේරා 06, තයිජුල් ඉස්ලාම් 5-1-19-0) 

           

තයිජුල්ගේ පස්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 14 කදී - 89/1 

(අවිෂ්ක ප්‍රනාන්දු 61, කුසල් පෙරේරා 05, මෙහෙදි හසන් 5-0-27-1) 

            

හසන්ගේ පස්වැනි ඕවරයේ පස්වැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්. 

.................................................................................................................................

ඕවර 13 කදී - 78/1 

(අවිෂ්ක ප්‍රනාන්දු 51, කුසල් පෙරේරා 04, තයිජුල් ඉස්ලාම් 4-1-17-0) 

           

තයිජුල්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් අවිෂ්ක ප්‍රනාන්දු සිය දෙවැනි එක්දින අර්ධ ශතකය ලබාගනී. 

.................................................................................................................................

ඕවර 12 කදී - 73/1 

(අවිෂ්ක ප්‍රනාන්දු 49, කුසල් පෙරේරා 01, මෙහෙදි හසන් 4-0-16-1) 

            

12 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්. 

හසන්ගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුව කඩුල්ලේ වැදීම නිසා දිමුත් කරුණාරත්න ලකුණු 15 කට දැවී යයි. (හතරේ පහර 1 යි) 

තෙවැනි පිතිකරු ලෙස කුසල් පෙරේරා පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 11 කදී - 69/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 47, දිමුත් කරුණාරත්න 15, තයිජුල් ඉස්ලාම් 3-1-12-0) 

           

තයිජුල්ගේ තෙවැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි. 

.................................................................................................................................

ඕවර 10 කදී - 69/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 47, දිමුත් කරුණාරත්න 15, මුස්තෆිසුර් රහමන් 2-0-23-0) 

                

මුස්තෆසුර්ගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හතරේ පහරක්.  

.................................................................................................................................

ඕවර 9 කදී - 57/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 38, දිමුත් කරුණාරත්න 15, තයිජුල් ඉස්ලාම් 2-0-12-0) 

           

තයිජුල්ගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 8 කදී - 51/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 34, දිමුත් කරුණාරත්න 14, මුස්තෆිසුර් රහමන් 1-0-11-0) 

           

අටවැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක මුස්තෆිසුර් රහමන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්. 

මුස්තෆසුර්ගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවට ලෝන් ඕෙන් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ අවිෂ්ක ප්‍රනාන්දුගෙන් සිවුවැනි පන්දුවය ෆයින් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්.  

.................................................................................................................................

ඕවර 7 කදී - 17/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 24, දිමුත් කරුණාරත්න 14, තයිජුල් ඉස්ලාම් 1-0-07-0) 

           

හත්වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක තයිජුල් ඉස්ලාම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්. 

තයිජුල්ගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 6 කදී - 33/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 18, දිමුත් කරුණාරත්න 13, ශෆියුල් ඉස්ලාම් 3-0-19-0) 

             

ශයිෆුල්ගේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ අවිෂ්ක ප්‍රනාන්දුගෙන් සිවුවැනි පන්දුවට කවර් කළාපය හරහාද, පස්වැනි පන්දුවට ස්කුවෙයාර් ලෙග් කළාපය හරහාද තවත් හතරේ පහර 2 ක්.

.................................................................................................................................

ඕවර 5 කදී - 17/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 06, දිමුත් කරුණාරත්න 11, මෙහෙදි හසන් 3-0-13-0) 

           

හසන්ගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට දිමුත් කරුණාරත්නගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 4 කදී - 11/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 05, දිමුත් කරුණාරත්න 06, ශෆියුල් ඉස්ලාම් 2-0-04-0) 

          

ශයිෆුල්ගේ දෙවැනි ඕවරයටද ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 3 කදී - 9/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 04, දිමුත් කරුණාරත්න 05, මෙහෙදි හසන් 2-0-07-0) 

           

හසන්ගේ දෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි. 

.................................................................................................................................

ඕවර 2 කදී - 8/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 03, දිමුත් කරුණාරත්න 05, ශෆියුල් ඉස්ලාම් 1-0-02-0) 

          

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ශෆියුල් ඉස්ලාම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්. 

ශයිෆුල්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 1 කදී - 6/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 03, දිමුත් කරුණාරත්න 03, මෙහෙදි හසන් 1-0-06-0) 

          

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා නායක දිමුත් කරුණාරත්න සමගින් අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙති. 

පළමු ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු පන්දු යවන ක්‍රීඩක මෙහෙදි හසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්. 

හසන්ගේ පළමු ඕවරයට ලකුණු 6 ක් පමණයි. 

.................................................................................................................................

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 239 ක ඉලක්කයක් හිමිවෙයි. 

.................................................................................................................................

ඕවර 50 කදී - 238/8 

(මුෂ්ෆිකුර් රහීම් 98, මුස්තෆිසුර් රහමන් 02, නුවන් ප්‍රදීප් 10-0-53-2) 

            

ලකුණු 3 ක් ලබා සිටි තයිජුල් ඉස්ලාම් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට නුවන් ප්‍රදීප් සමත් වෙයි. 

10 වැනි පිතිකරුවා ලෙස මුස්තෆිසුර් රහමන් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 49 කදී - 230/7 

(මුෂ්ෆිකුර් රහීම් 95, තයිජුල් ඉස්ලාම් 03, ඉසුරු උදාන 10-0-58-2) 

            

උදානගේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට කවර් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ මුෂ්ෆිකුර් රහීම්ගෙන් සිවුවැනි පන්දුවට තර්ඩ් මෑන් කළාපය හරහා තවත් හතරේ පහරක් සහ පස්වැනි පන්දුවට ඩීප් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක්.

.................................................................................................................................

ඕවර 48 කදී - 214/7 

(මුෂ්ෆිකුර් රහීම් 80, තයිජුල් ඉස්ලාම් 02, නුවන් ප්‍රදීප් 9-0-48-2) 

            

ප්‍රදීප්ගේ නමවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට මුෂ්ෆිකුර් රහීම්ගෙන් ලෝන් ඕෆ්  කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 47 කදී - 206/7 

(මුෂ්ෆිකුර් රහීම් 74, තයිජුල් ඉස්ලාම් 00, ඉසුරු උදාන 9-0-42-2) 

            

උදානගේ නමවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

ලකුණු 71 ක් ලබා සිටියදී මුෂ්ෆිකුර් රහීම් දුවද්දී දවාගැනීමට තිබූ අනගි අවස්ථාවක් කුසල් පෙරේරා අතින් ගිළිහෙයි.

.................................................................................................................................

ඕවර 46 කදී - 201/7 

(මුෂ්ෆිකුර් රහීම් 69, තයිජුල් ඉස්ලාම් 00, නුවන් ප්‍රදීප් 8-0-40-2) 

            

46 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මුෂ්ෆිකුර් රහීම් සූදානම්. 

ප්‍රදීප්ගේ අටවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි දිමුත් කරුණාරත්න අතට උඩ පන්දුවක් දෙමින් මෙහෙදි හසන් ලකුණු 43 කට දැවී යයි. (හතරේ පහර 6 යි) 

නමවැනි පිතිකරුවා ලෙස තයිජුල් ඉස්ලාම් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 45 කදී - 198/6 

(මුෂ්ෆිකුර් රහීම් 69, මෙහෙදි හසන් 41, ඉසුරු උදාන 8-0-37-2) 

            

45 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මුෂ්ෆිකුර් රහීම් සූදානම්. 

උදානගේ අටවැනි ඕවරයේ අවසන් පන්දුවට මෙහෙදි හසන්ගෙන් ලෝන් ඕෆ්  කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 44 කදී - 191/6 

(මුෂ්ෆිකුර් රහීම් 67, මෙහෙදි හසන් 36, ළහිරු කුමාර 10-0-42-0) 

            

ළහිරුගේ 10 වැනි ඕවරයේ පළමු පන්දුවට මෙහෙදි හසන්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 43 කදී - 187/6 

(මුෂ්ෆිකුර් රහීම් 67, මෙහෙදි හසන් 32, ධනංජය ද සිල්වා 10-0-39-0) 

             

43 වැනි ඕවරය යැවීම සඳහා ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මුෂ්ෆිකුර් රහීම් සූදානම්. 

ධනංජයගේ 10 වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 42 කදී - 182/6 

(මුෂ්ෆිකුර් රහීම් 65, මෙහෙදි හසන් 30, ළහිරු කුමාර 9-0-38-0) 

            

ළහිරුගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවට මුෂ්ෆිකුර් රහීම්ගෙන් පොයින්ට් සහ තර්ඩ් මෑන් කළාප අතරින් හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 41 කදී - 174/6 

(මුෂ්ෆිකුර් රහීම් 59, මෙහෙදි හසන් 29, අකිල ධනංජය 10-0-39-2) 

            

අකිලගේ 10 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට මෙහෙදි හසන්ගෙන්ක තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 40 කදී - 169/6 

(මුෂ්ෆිකුර් රහීම් 58, මෙහෙදි හසන් 25, ළහිරු කුමාර 8-0-30-0) 

            

41 වැනි ඕවරය යැවීම සඳහා ළහිරු කුමාර කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 

ළහිරුගේ අටවැනි ඕවරයේ තෙවැනි පන්දුවට මෙහෙදි හසන්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 39 කදී - 156/6 

(මුෂ්ෆිකුර් රහීම් 56, මෙහෙදි හසන් 19, අකිල ධනංජය 9-0-34-2) 

            

40 වැනි ඕවරය යැවීම සඳහා අකිල ධනංජය කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මුෂ්ෆිකුර් රහීම් සූදානම්. 

අකිලගේ නමවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 38 කදී - 152/6 

(මුෂ්ෆිකුර් රහීම් 53, මෙහෙදි හසන් 18, නුවන් ප්‍රදීප් 7-0-38-1) 

            

ප්‍රදීප්ගේ හත්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට මෙහෙදි හසන්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 37 කදී - 144/6 

(මුෂ්ෆිකුර් රහීම් 51, මෙහෙදි හසන් 13, ධනංජය ද සිල්වා 9-0-34-0) 

            

ධනංජයගේ නමවැනි ඕවරයේ දෙවැනි පන්දුවට මෙහෙදි හසන්ගෙන් ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්. 

පන්දු 71 කදී හතරේ පහර 2 ක් සමගින් මුෂ්ෆිකුර් රහීම් සිය 37 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී. 

.................................................................................................................................

ඕවර 36 කදී - 136/6 

(මුෂ්ෆිකුර් රහීම් 49, මෙහෙදි හසන් 07, නුවන් ප්‍රදීප් 6-0-30-1) 

            

36 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මුෂ්ෆිකුර් රහීම් සූදානම්. 

ප්‍රදීප්ගේ හයවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 35 කදී - 130/6 

(මුෂ්ෆිකුර් රහීම් 46, මෙහෙදි හසන් 04, ධනංජය ද සිල්වා 8-0-26-0) 

            

ධනංජයගේ අටවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 34 කදී - 128/6 

(මුෂ්ෆිකුර් රහීම් 45, ‍මෙහෙදි හසන් 03, ඉසුරු උදාන 7-0-30-2) 

             

උදානගේ හත්වැනි ඕවරයේ පළමු පන්දුවට මුෂ්ෆිකුර් රහීම්ගෙන් තර්ඩ් මෑන් කළපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 33 කදී - 120/6 

(මුෂ්ෆිකුර් රහීම් 39, මෙහෙදි හසන් 01, ධනංජය ද සිල්වා 7-0-24-0) 

            

ධනංජයගේ හත්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 32 කදී - 117/6 

(මුෂ්ෆිකුර් රහීම් 37, ‍මෙහෙදි හසන් 00, ඉසුරු උදාන 6-0-22-2) 

             

උදානගේ හයවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් මොසැඩ්ඩෙක් හොසේන් ලකුණු 13 කට දැවී යයි. 

අටවැනි පිතිකරුවා ලෙස මෙහෙදි හසන් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 31 කදී - 113/5 

(මුෂ්ෆිකුර් රහීම් 36, මොසැඩ්ඩෙක් හොසේන් 10, ධනංජය ද සිල්වා 6-0-21-0) 

            

31 වැනි ඕවරය යැවීම සඳහා ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මුෂ්ෆිකුර් රහීම් සූදානම්. 

ධනංජයගේ හයවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 30 කදී - 109/5 

(මුෂ්ෆිකුර් රහීම් 34, මොසැඩ්ඩෙක් හොසේන් 08, ඉසුරු උදාන 5-0-18-1) 

            

30 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මොසැඩ්ඩෙක් හොසේන් සූදානම්. 

උදානගේ පස්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 29 කදී - 104/5 

(මුෂ්ෆිකුර් රහීම් 33, මොසැඩ්ඩෙක් හොසේන් 05, අකිල ධනංජය 8-0-30-2) 

            

අකිලගේ අටවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 28 කදී - 99/5 

(මුෂ්ෆිකුර් රහීම් 32, මොසැඩ්ඩෙක් හොසේන් 02, ළහිරු කුමාර 7-0-17-0) 

            

ළහිරුගේ හත්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 27 කදී - 93/5 

(මුෂ්ෆිකුර් රහීම් 28, මොසැඩ්ඩෙක් හොසේන් 01, අකිල ධනංජය 7-0-25-2) 

            

අකිලගේ හත්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 26 කදී - 89/5 

(මුෂ්ෆිකුර් රහීම් 26, මොසැඩ්ඩෙක් හොසේන් 00, ළහිරු කුමාර 6-0-11-0) 

            

26 වැනි ඕවරය යැවීම සඳහා ළහිරු කුමාර කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මුෂ්ෆිකුර් රහීම් සූදානම්. 

ළහිරුගේ හයවැනි ඕවරයට එක් ලකුණක් පමණයි. 

.................................................................................................................................

ඕවර 25 කදී - 88/5 

(මුෂ්ෆිකුර් රහීම් 25, මොසැඩ්ඩෙක් හොසේන් 00, අකිල ධනංජය 6-0-21-2) 

            

අකිලගේ හයවැනි ඕවරයට එක් ලකුණක් පමණයි. 

ලකුණු 11 ක් ලබා සිටි සබීර් රහමන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ධනංජය ද සිල්වා සහ කුසල් පෙරේරා සමත් වෙති. (හතරේ පහර 2 යි)

හත්වැනි පිතිකරුවා ලෙස මොසැඩ්ඩෙක් හොසේන් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 24 කදී - 87/4 

(මුෂ්ෆිකුර් රහීම් 24, සබීර් රහමන් 11, ධනංජය ද සිල්වා 5-0-17-0)  

            

ධනංජයගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 23 කදී - 84/4 

(මුෂ්ෆිකුර් රහීම් 22, සබීර් රහමන් 10, අකිල ධනංජය 5-0-20-2) 

            

අකිලගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට සබීර් රහමන්ගෙන් ඩීප් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 22 කදී - 77/4 

(මුෂ්ෆිකුර් රහීම් 20, සබීර් රහමන් 05, ධනංජය ද සිල්වා 4-0-14-0)  

            

22 වැනි ඕවරය යැවීම සඳහා ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මුෂ්ෆිකුර් රහීම් සූදානම්. 

ධනංජයගේ සිවුවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 21 කදී - 74/4 

(මුෂ්ෆිකුර් රහීම් 18, සබීර් රහමන් 04, අකිල ධනංජය 4-0-13-2) 

            

අකිලගේ සිවුවැනි ඕවරයට එක් ලකුණක් පමණයි. 

.................................................................................................................................

ඕවර 20 කදී - 73/4

(මුෂ්ෆිකුර් රහීම් 17, සබීර් රහමන් 04, නුවන් ප්‍රදීප් 5-0-24-1) 

            

ප්‍රදීප්ගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට සබීර් රහමන්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................. 

ඕවර 19 කදී - 68/4

(මුෂ්ෆිකුර් රහීම් 16, සබීර් රහමන් 00, අකිල ධනංජය 3-0-12-2) 

            

අකිලගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට මුෂ්ෆිකුර් රහීම්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ අවසන් පන්දුව කඩුල්ලේ වැදීමෙන් මහමදුල්ලා රියාද් ලකුණු 6 කට දැවී යයි. එය අකිලගේ 50 වැනි එක්දින කඩුල්ලයි. 

හයවැනි පිතිකරුවා ලෙස සබීර් රහමන් පිටියට පිවිසෙයි. 

................................................................................................................................. 

ඕවර 18 කදී - 62/3

(මුෂ්ෆිකුර් රහීම් 11, මහමදුල්ලා රියාද් 05, නුවන් ප්‍රදීප් 4-0-19-1) 

            

18 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මහමදුල්ලා රියාද් සූදානම්.

ප්‍රදීප්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 17 කදී - 57/3

(මුෂ්ෆිකුර් රහීම් 09, මහමදුල්ලා රියාද් 04, අකිල ධනංජය 2-0-06-1) 

            

අකිලගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 16 කදී - 54/3 

(මුෂ්ෆිකුර් රහීම් 08, මහමදුල්ලා රියාද් 02, ළහිරු කුමාර 5-0-10-0) 

            

ළහිරුගේ පස්වැනි ඕවරයටද එක් ලකුණක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 15 කදී - 53/3

(මුෂ්ෆිකුර් රහීම් 08, මහමදුල්ලා රියාද් 01, අකිල ධනංජය 1-0-03-1) 

            

15 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මොහොමඩ් මිතුන් සූදානම්. 

අකිලගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවේදී ෂෝට් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් මොහොමඩ් මිතුන් ලකුණු 12 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

පස්වැනි පිනිතරුවා ලෙස මහමදුල්ලා රියාද් පිටියට පිවිසෙයි. 

එම ඕවරයේ දෙවැනි පන්දුවේදී ලබාගත් ලකුණත් සමගින් මුෂ්ෆිකුර් රහීම් එක්දින ලකුණු 6000 සීමාව ඉක්මවා ගියේය. 

................................................................................................................................. 

ඕවර 14 කදී - 50/2 

(මොහොමඩ් මිතුන් 11, මුෂ්ෆිකුර් රහීම් 07, ළහිරු කුමාර 4-0-09-0) 

            

ළහිරුගේ සිවුවැනි ඕවරයට එක් ලකුණක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 13 කදී - 49/2 

(මොහොමඩ් මිතුන් 10, මුෂ්ෆිකුර් රහීම් 07, ඉසුුරු උදාන 4-0-13-1) 

            

උදානගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට මොහොමඩ් මිතුන්ගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 12 කදී - 41/2 

(මොහොමඩ් මිතුන් 04, මුෂ්ෆිකුර් රහීම් 05, ළහිරු කුමාර 3-0-08-0) 

            

ළහිරුගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 11 කදී - 38/2 

(මොහොමඩ් මිතුන් 03, මුෂ්ෆිකුර් රහීම් 03, ඉසුුරු උදාන 3-0-05-1) 

            

උදානගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 10 කදී - 35/2 

(මොහොමඩ් මිතුන් 02, මුෂ්ෆිකුර් රහීම් 01, ළහිරු කුමාර 2-0-05-0) 

            

ළහිරුගේ දෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 9 කදී - 33/2 

(මොහොමඩ් මිතුන් 01, මුෂ්ෆිකුර් රහීම් 00, ඉසුුරු උදාන 2-0-02-1) 

            

උදානගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුව පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල මතට පතිතවීම නිසා ටමීම් ඉක්බාල් ලකුණු 19 කට දැවී යයි. (හතරේ පහර 2 යි) 

සිවුවැනි පිතිකරුවා ලෙස මුෂ්ෆිකුර් රහීම් පිටියට පිවිසෙයි. 

................................................................................................................................. 

ඕවර 8 කදී - 31/1 

(ටමිම් ඉක්බාල් 19, මොහොමඩ් මිතුන් 00, ළහිරු කුමාර 1-0-03-0) 

            

අටවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ටමීම් ඉක්බාල් සූදානම්. 

ළහිරුගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 7 කදී - 28/1 

(ටමිම් ඉක්බාල් 16, මොහොමඩ් මිතුන් 00, ඉසුුරු උදාන 1-0-01-0) 

            

හත්වැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ටමීම් ඉක්බාල් සූදානම්. 

උදානගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 6 කදී - 27/1 

(ටමිම් ඉක්බාල් 15, මොහොමඩ් මිතුන් 00, නුවන් ප්‍රදීප් 3-0-16-1) 

            

ප්‍රදීප්ගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට ප්‍රධාන විනිසුරුගේ හිසට ඉහළින්  හරහා හතරේ පහරක්. 

එම ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීම නිසා සෞම්‍ය සාකර් ලකුණු 11 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

තෙවැනි පිතිකරු ලෙස මොහොමඩ් මිතුන් පිටියට පිවිසෙයි. 

................................................................................................................................. 

ඕවර 5 කදී - 19/0 

(ටමිම් ඉක්බාල් 08, සෞම්‍ය සාකර් 11, ධනංජය ද සිල්වා 3-0-11-0)

            

ධනංජයගේ තෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 4 කදී - 18/0 

(ටමිම් ඉක්බාල් 07, සෞම්‍ය සාකර් 11, නුවන් ප්‍රදීප් 2-0-08-0) 

            

ප්‍රදීප්ගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට සෞම්‍ය සාකර්ගෙන් කවර්ක කළාපය හරහා හතරේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 3 කදී - 11/0 

(ටමිම් ඉක්බාල් 06, සෞම්‍ය සාකර් 05, ධනංජය ද සිල්වා 2-0-10-0)

            

ධනංජයගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ටමීම් ඉක්බාල්ගෙන් ඩීප් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 2 කදී - 3/0 

(ටමිම් ඉක්බාල් 01, සෞම්‍ය සාකර් 02, නුවන් ප්‍රදීප් 1-0-01-0)

            

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සෞම්‍ය සාකර් සූදානම්. 

ප්‍රදීප්ගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 1 කදී - 2/0 

(ටමිම් ඉක්බාල් 01, සෞම්‍ය සාකර් 01, ධනංජය ද සිල්වා 1-0-02-0)

            

බංග්ලාදේශ ආරම්භ කිරීම සඳහා නායක ටමිම් ඉක්බාල් සමගින් සෞම්‍ය සාකර් පිටියට පිවිසෙති. 

පළමු ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ටමිම් ඉක්බාල් සූදානම්. 

ධනංජයගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක ටමීම් ඉක්බාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, අකිල ධනංජය, නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර 

බංග්ලාදේශ කණ්ඩායම
ටමීම් ඉක්බාල් (නායක), සෞම්‍ය සර්කාර්, මොහොමඞ් මිතුන්, මුෂ්ෆිකූර් රහීහ්, මහමුදුල්ලා, මොසැඩෙක් හුසේන්, සබීර් රහමන්, මෙහෙදි හසන්, තයිජුල් ඉස්ලාම්, ශෆිවුල් ඉස්ලාම්, මුස්ටෆීසූර් රහමන්  


අදහස් (0)

ශ්‍රී ලංකාව කඩුලු 7 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.