Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට

ශනුක අරවින්ද - 2017 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ සයිබර්ජයා නුවරදී පැවැත්වෙන ආසියානු වයස 18 න් පහළ 3x3 පැසිපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා බාලක සහ බාලිකා කණ්ඩායම් ද්විත්වයම එහි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා බාලක කණ්ඩායම මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ අතර එහිදී කිරිගිස්තානය ලකුණු 20-17 ලෙසද, ජපානය ලකුණු 16-15 ලෙසද පරාජය කරමින් ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ එම කාණ්ඩයේ අනු ශූරියන් බවට පත්වෙමිනි. එහිදී කසකස්තානය ලකුණු 15-13 ලෙස පරාජය කළ ශ්‍රී ලංකාව, ලකුණු 18-10 ක් ලෙස මැලේසියාව හමුවේ පරාජයට පත්විය.

හෙට (28 වැනිදා) පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී ශ්‍රී ලංකා බාලක කණ්ඩායම ‘ඩී’ කාණ්ඩයේ අනු ශූරයන් වන චීනයට එරෙහිව තරග වැදීමට නියමිත අතර බාලිකා කණ්ඩායම ‘සී’ කාණ්ඩයේ ශූරියන් වන ඉන්දුනීසියාවට එරෙහිව තරග වැදීමට නියමිතය.

බෙන් දේවකුමාර (නායක), ෂිවංග ද සිල්වා, රුක්ෂාන් අතපත්තු සහ රෂාන් පෙරේරා ශ්‍රී ලංකා බාලක කණ්ඩායම නියෝජනය කරන අතර සෙලෝමි ගුණසේකර (නායිකා), ටානියා පෙරේරා, හසීනා අබ්දුල් සහ සඳුලි ලියනගේ බාලිකා කණ්ඩායම නියෝජනය කරති.

ඡායාරූප අනුග්‍රහය - අන්තර් ජාතික පැසිපන්දු සම්මේලනයෙනි

 


අදහස් (0)

ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.