Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අබුඩාබි දහයයි-10 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියරට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනකුට අවස්ථාව උදාවී ඇත. ශ්‍රී ලංකා සීමීත ඕවර කණ්ඩායමේ නායක දසුන් ශානක, වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර සහ මතීෂ පතිරණ එම ක්‍රීඩකයෝ වෙති.
මෙවර තරගාවලියේදී දසුන් ශානක, භානුක රාජපක්ෂ සහ මහීෂ් තීක්ෂණ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමටද, වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර නදර්න් වොරියර්ස් කණ්ඩායමටද, චාමික කරුණාරත්න මොරිස්විල් සැම්ප් ආමි කණ්ඩායමටද, මතීෂ පතිරණ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමටද ක්‍රීඩා කිරීමට නියමිතය.
ඔවුන් අතරින් දසුන් ශානක චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයා ලෙසත්, වනිඳු හසරංග නදර්න් වොරියර්ස් කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයා ලෙසත් නම් කර තිබේ. මතීෂ පතිරණ ඉකුත් වසරේදීද බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර මෙම තරගාවලිය සඳහාද ඔහු තම කණ්ඩායමේ රඳවාගැනීමට බංග්ලා ටයිගර්ස් කලමණාකාරීත්වය පියවර ගෙන ඇත.
දිල්ලි බුල්ස්, ටීම් අබුඩාබි, නොදර්න් වොරියර්ස්, බංග්ලා ටයිගර්ස්, ඩෙකෑන් ග්ලැඩියේටර්ස්, චෙන්නායි බ්‍රේව්ස්, මොරිස්විල් සෑම්ප් ආමි සහ නිව්යෝක් ස්ට්‍රයිකර්ස් යන කණ්ඩායම් 8 සහභාගීවන මෙම තරගාවලිය නොවැම්බර් මස 23 වැනිදා සිට දෙසැම්බර් මස 4 වැනිදා දක්වා අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත වන අතර ඔවුන් කාණ්ඩ 16 ක් යටතේ තෝරාගනු ලැබ තිබේ. ඉකුත් වසරේදී (2021) පැවැති තරගාවලියට සහභාගි වූයේ කණ්ඩායම් 6 ක් පමණක් වුවත්, එහි ඇති තරගකාරීත්ව හේතුවෙන් මෙම වසරේදී තවත් කණ්ඩායම් 2 ක් තරගාවලියට අලුතින් එක්වී තිබේ.
sam Wednesday, 28 September 2022 01:27 PM
භානුක ගහන කණ්ඩායම දිනුවොත් භානුක ගැනයි, අර ජෙරමයි එක්ක එකතුවෙලා කියයිද දන්නේ නැහැ ජෙරමා හින්දා දිනුවා කියලා...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.