Last Update  :  2025-11-08 15:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ජයග්‍රහණ දෙකක්
හොං කොං සය සාමාජික තරග

ශ්‍රී ලංකාවට ජයග්‍රහණ දෙකක්

editorial - 2025 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොං කොං සය සාමාජික තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් වූ නමුත් සික-ුරාදා (7 වැනිදා) පැවැති මූලික වටයේ තරග දෙකම පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බඳුන තරගාවලියට පහත වැටිණ. බඳුන තරගාවලියේදී අද (සෙනසුරාදා) පැවැති තරගවලදී පහළ මට්ටමේ කණ්ඩායම් දෙකක් වන නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. 

අද පැවැති පළමු තරගයේදී නේපාල කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින් ලකුණු 39 ක ජයක් අත්කර ගත්හ. 


නේපාලයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 3 ක ජයක්

නේපාලය - ඕවර 6 කදී කඩුලු 4 ට 86 යි
(සන්දීප් ජෝරා 39, ලෝකේෂ් බාම් නොදැවී 31, තරිඳු රත්නායක 17/2)
ශ්‍රී ලංකාව - ඕවර 5.3 කදී කඩුලු 3 ක් දැවී 89 යි
(තනුක දාබරේ 10, ධනංජය ලක්ෂාන් නොදැවී 36, නිමේෂ් විමුක්ති නොදැවී 33, රූපේෂ් සිං 17/2)


එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 39 ක ජයක්

ශ්‍රී ලංකාව - ඕවර 6 කදී 97 යි
(තනුක දාබරේ 14, ළහිරු සමරකෝන් 31, ධනංජය ලක්ෂාන් නොදැවී 38, සහීඩ් අලී 29/2)
එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඕවර 5.2 කදී සියලු දෙනා දැවී 58 යි

(සගීර් ඛාන් 24, මොහොමඩ් අර්ෆාන් 18, අන්ශ් ටැන්ඩන් 13, ළහිරු මධුශංක 10/2)

- 213


අදහස් (0)

ශ්‍රී ලංකාවට ජයග්‍රහණ දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.