Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දකුණු කොරියාවේ ගුමි නුවරදී සෙනසුරාදා (31) නිමාවට පත්වූ 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ දස්කම් ලෝකඩ පදක්කම් තුනකට පමණක් සීමා විය. එය 2019 (ඩෝහා) තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව අත් කර ගත් අවම ප්‍රතිපලයයි. එහිදී ශ්‍රී ලංකාවේ දක්ෂතා ලෝකඩ පදක්කම් දෙකකට පමණක් සීමාවී තිබේ.
සෙනසුරාදා තරගාවලියේ අවසන් දිනයේදී හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් ශ්‍රී ලංකාව අපේක්ෂා කළ ප්‍රතිපල කරා ළගා නොවීමත් සමග ඔවුන්ට මෙවර තරගාවලියේ 18 වැනි ස්ථානය දක්වා පසු බැසිමට සිදු විය.
එය කැපී පෙණුනේ ඊට පෙර (2023) බැංකොක් නුවරදී පැවැති 25 වැනි තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක්ද සමග රිදී හා ලෝකඩ පදක්කම් අටක් දිනා එදා මෙදා තුර ශ්‍රී ලංකාව එහි ඉහළම ස්ථානයට පත්වෙමින් සිව් වැනි ස්ථානය ලැබීමයි.
සෙනසුරාදා ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් දෙදෙනා අතරින් රුමේෂ් තරංග පතිරගේ (මීටර 83.27) සිව් වැනි ස්ථානයට පත් විය. එහෙත් ඔහු අවසන් තරගයට නිර්දේශ ලැබීමේදී සිකුරාදා (30) මීටර 83.71 ක දක්ෂතාවයක් පෙන්වා තිබේ. ජපාන ක්‍රීඩක යූටා සකියාමාට (මීටර 83.75) වඩා පෙරේදා සෙන්ටිමීටර 48 ක් පසුපසින් වීමෙන් ඔහුට යන්තමින් ලෝකඩ පදක්කම ගිළිහී ගියේය.
හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ අවසන් තරගයට නිර්දේශ ලැබූ සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන සුමේධ රණසිංහගේ පෙරේදා දක්ෂතා මීටර 79.81 කට සීමාවීමෙන් ඔහුට ඉසව්වේ අත්වූයේ හත් වැනි ස්ථානයයි.
එහි රන් පදක්කම ඉසව්වේ ඔලිම්පික් වාර්තාවට හිමි කම් කියන පාකිස්තානු ක්‍රීඩක අර්ෂාඩ් නදීම්ට හිමි වූයේ මීටර 86.40 කටය.ඉන්දීය ක්‍රීඩක සචින් යාදේව් මීටර 85.16 කට රිදී පදක්කම ලැබීය.
තරගාවලියේදී මීටර 5000 (කාන්තා) ඉසව්වට සෙනසුරාදා සහභාගිවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා මෙත්මී රසාරා විජේසූරිය 11 වැනි ස්ථානය දක්වා ඇද වැටුණේ විනාඩි16 තත්පර 29.15 කටය. එහි රන් පදක්කම විනාඩි 14 තත්පර 58.71 කට නව වාර්තාවක් පිහිටුවමින් දිනා ගත්තේ කසකස්ථාන ක්‍රීඩිකා නෝරා ජෙරිටෝ ටනු විසිනි.
කෙසේවූවත් රසාරා මෙවර ආසියානු තරගාවලියේ අසාර්ථක වූවත් එහිදී මීටර10,000 (කාන්තා) ඉසව්වේ හත් වැනි ස්ථානයට පත් වෙමින් මෙතෙක් ඉසව්වේ ඇගේ හොදම දක්ෂතාවය වන විනාඩි 33 තත්පර 21.62 ක කාලයක් වාර්තා කරමින් එහි නව ශ්‍රී ලංකා වාර්තාව හිමි කර ගැනීම කැපී පෙණුනි.
මෙවරත් රන් පදක්කම් 19 ක් දිනා ගනිමින් (මුළු පදක්කම් එකතුව 32) චීනය තරගාවලිය ජය ගත්තේය. එහිදී මෙවර තරගාවලියේ කැපී පෙණුනුම රාජ්‍යය බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ ආසන්නතම අසළ්වැසියා වන ඉන්දියාවයි. ආසියානු ශූරතා මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙවර ඉහළම දක්ෂතා දැක්වූ ඉන්දියාව රන් පදක්කම් අටක් රිදී පදක්කම් 10 ක් හා ලෝකඩ පදක්කම් හයක් (එකතුව 24) දිනා ගත්තේ ගිය වර තරගාවලිය (2023) ජය ගත් ජපානයද අභිබවා යමිනි.
27 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය (2027) චීනයේ එක්සියාමන් නගරයේ සත්කාරයෙන් පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.