Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වේගපන්දු යවන්නෝ පාකිස්තානය දිනවති

වේගපන්දු යවන්නෝ පාකිස්තානය දිනවති

editorial - 2021 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේගපන්දු යවන්නන් වූ අබ්බාස් අෆ්රිඩි (30/4), කුරාම් ශසාඞ් (19/3) සහ නසීම් ෂාගේ දස්කම් හමුවේ සත්කාර ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති පළමු නිලනොවන එක්දින තරගයෙන් කඩුලූ 6 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 103 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම  ඕවර 21.2 කදී කඩුලූ 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකර යෑමට සමත්විය.

ආරම්භක පිතිකරු  ඕමායිර් යූසූෆ් පන්දු 57 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 38 ක් ලබාගනිමින් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්විය. ආගා සල්මාන් ලකුණු 12 ක් සහ මොහොමඞ් තාහා ලකුණු 19 ක් ලබාගනිමින් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම පහසුවෙන් ජයග‍්‍රහණය කරා රැුගෙන යාමට සමත්වූහ.

අශේන් ඩැනියෙල් ලකුණු 30 කට කඩුලූ 2 ක් ද, පුලින තරංග සහ ළහිරු සමරකෝන් එක් කඩුල්ලක් බැගින් ද එහිදී දවාගැනීමට සමත්වුහ.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ආරාධනා කළේය.  ඕවර 32.2 කදී සියලූදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 102 ක් පමණි.

නායක කමිඳු මෙන්ඩිස් පන්දු 51 කදි හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.

සහන් ආරච්චිගේ පන්දු 53 කදි හතරේ පහර 3 ක් සමගින් ලකුණු 23 ක් ද පසුපෙළ පිතිකරුවකු වූ කළණ පෙරේරා පන්දු 15 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 12 ක් රැස්කළ නමුත් සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරිමට පාකිස්තානු පන්දු යවන්නෝ ඉඩ ලබානොදුන්හ.

ආරම්භක පිතිකරුවන් වූ ළහිරු උදාර සහ ලසිත් කෘස්පුල්ලේ ලකුණු ලබාගැනීමට පෙරම පිටියෙන් ඉවත් කිරීමට පාකිස්තානු වේගපන්දු යවන්නෝ සමත්වූහ.

කමිඳු මෙන්ඩිස් සහ සහන් ආරච්චිගේ එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 78 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගීම ඉනිමේ හොඳම කඩුලූ සම්බන්ධතාවය විය.

වේගපන්දු යවන්නන් වූ අබ්බාස් අෆ්රිඩි ලකුණු 30 කට කඩලූ 4 ක්, කුරාම් ශසාඞ් ලකුණු 19 කට කඩුලූ 3 ක්, නසීම් ෂා ලකුණු 26 කට කඩුලූ 2 ක් සහ අබ‍්‍රාර් අහ්මඞ් ලකුණු 23 කට කඩුල්ලක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

දෙපිළ අතර දෙවැනි නිල නොවන එක්දින තරගය 13 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල -  ඕවර 32.2 කදී සියලූදෙනා දැවී 102
(කමිඳු මෙන්ඩිස් 34, සහන් ආරච්චිගේ 23, අබ්බාස් අෆ්රිඩි 30/4, කුරාම් ශසාඞ් 19/3, නසීම් ෂා 26/2)

පාකිස්තාන ‘ඒ’ පිල -  ඕවර 21.2 කදී කඩුලූ 4 ක් දැවී 103
( ඕමායිර් යූසූෆ් 38, මොහොමඞ් තාහා නොදැවී 19, අශේන් ඩැනියෙල් 30/2)

- 2079

 


අදහස් (0)

වේගපන්දු යවන්නෝ පාකිස්තානය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.