Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වි-20 ලෝක කුසලාන විකාශන අයිතිය සිරසට

වි-20 ලෝක කුසලාන විකාශන අයිතිය සිරසට

editorial - 2022 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලබන ඉරිදා (16 වැනිදා) ඕස්ටේ්‍රලියාවේදී ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව ඇතුළත සජීවී ලෙසින් විකාශය කිරීමේ අයිතිය, එම්.ටී.වී. රූපවාහිනී ජාලයට අයත් සිරස ටී.වී. සමාගම විසින් අත්පත් කරගනු ලැබ ඇත. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම තරග 45 කින් සමන්විතය. 

සුදුසුකම් තේරීමේ වටයේ තරග 3 ක් සහ ප්‍රධාන තරගාවලියේ තරග 5 ක් සමගින්, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන සම්පූර්ණ තරග සං්‍යාව 8 කි. අවසන් පූර්ව සහ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නේ නම්, ශ්‍රී ලංකා කණ්ඩායමේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 10 කි. 

ලෝක කුසලාන තරග විකාශයේ හිමිකම ප්‍රකාශයට පත්කරමින්, එම්.ටී.වී. රූපවාහිනී ජාලයේ ප්‍රධානී චෙවාන් ඩැනියෙල් මහතා කියා සිටියේ ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන්ගේ වින්දනයට බාධා නොකර, සිරස ටී.වී. නාලිකාවේ ප්‍රවෘත්ති සහ ටෙලි නාට්‍ය ඇතුළු අනෙකුත්  වැඩසටහන් මනා ලෙස කළමණාකරනය කරගනිමින්, සම්පූර්ණ තරගයම “සජීවී” ලෙසින් නැරඹීමට ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව සලසා දෙන බවයි. 

“අපි දැන්වීම් පාලනය කරලා තියෙනවා. මූලික වගකීම වෙන්නේ සෑම ඕවරයකම පන්දු 6 ම සජීවී ලෙසින් ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන්ට දීමයි. අපි ඒක කරනවා” යයි චෙවාන් ඩැනියෙල් මහතා වැඩිදුරටත් පැවසීය. 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ පළමු වැන්න වන 2007 තරගාවලියේදී්ත් සජීවී විකාශයේ අයිතිය හිමිකරගත්තේ ද සිරස ටී.වී. ආයතනයයි. අන්තර්ජාතික ක්‍රිකට් තරගයකදී පළමු වතාවට එකම ඕවරයකදී හයේ පහර 6 ක් ගැසූ ආකාරය සජීවී ලෙසින් විකාශය වූයේත් 2007 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීය. 2007 වි-20 ලෝක කුසලාන තරගාවලියේදී, එංගලන්තයට එරෙහිව පැවැති තරගයකදී, ඉන්දීය පිතිකරු යුවරාජ් සිං, වේග පන්දු යවන ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ ඕවරයකදී පිට පිටම හයේ පහර 6 ක් ගැසීය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා, එම්.ටී.වී. රූපවාහිනී ජාලයේ ප්‍රධානී චෙවාන් ඩැනියෙල්, කැපිටල් මහාරාජා ආයතනයේ සමූහ අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් කනෝජියා, එම්.ටී.වී. නාළිකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් කොළඹ ජයික් හිල්ටන් හිදී පැවැති මාධ්‍ය හමුවේදී.

ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (0)

වි-20 ලෝක කුසලාන විකාශන අයිතිය සිරසට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.