Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට එක්කර ගන්නා කණ්ඩායම් ගණන වැඩි කිරීම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාව සලකා බලමින් සිටී. ඒ අනුව 2024 සිට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්කර ගන්නා කණ්ඩායම් ගණන 16 සිට 20 දක්වා වැඩිවනු ඇත.
එහිදී මූලික වටයේ තරග සඳහා කණ්ඩායම් 24 ක් කාණ්ඩ 4 කට බෙදා වෙන්කෙරෙන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 5 ඇතුළත් වනු ඇත. ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමේ තවත් එක් පියවරක් ලෙස මෙලෙස කණ්ඩායම් සංඛ්‍යාව ඉහළ නැංවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අවධානය යොමුව තිබේ.
පිරිමි ලෝක කුසලාන තරගාවලියන්හිදී මෙන්ම කාන්තා ලෝක කුසලාන තරගාවලියන්ටද එක්වන කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කරන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවසා ඇත. ඒ අනුව 2026 දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 ලෝක කුසලානය තරගාවලියට එක්වන කණ්ඩායම් ගණන 10 සිය 12 දක්වා වැඩිවනු ඇත. 2029 දි පැවැත්වෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන (ඕවර 50) තරගාවලියේ කණ්ඩායම් ගණන 8 සිට 12 දක්වා වැඩිවේ.
පසුගිය කාලයේ දී අයි.සී.සීය විසින් එක්දින ලෝක කුසලාන තරගාවලි සදහා සහභාගී කර ගන්නා රටවල් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමට පියවර ගත්තේය. 2007 වසරේ දී කණ්ඩායම් 16ක් එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කළ අතර, එය 2011 වසරේ දී 14 දක්වා ද, 2019 වසර වන විට 10 දක්වා ද අඩු කෙරුණී.
පිරිමි විස්සයි20 ලෝක කුසලානයේ ව්‍යාප්තිය පිළිබඳව මෑතකදී පැවති ප්‍රධාන විධායක කමිටු රැස්වීම්වලදී සාකච්ඡා කර ඇත. එහිදි එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක ටොම් හැරිසන් මහතා විසින් ඔලිම්පික් උළෙලය ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දීමේ අපේක්ෂාවන් මතු කළේය.
2032 දී ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ඕස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නගරයට හිමිවුවහොත් ඔලිම්පික් උළෙලේ තවත් ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් එකතුවනු ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.