Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව පළමු වරට හිමිකර ගැනීමට එස්.එස්.සී පිල සමත් විය. එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී යුදහමුදා පිල ලකුණු 29 කින් පරාජය කිරීමට එස්.එස්.සී ක්‍රීඩකයෝ සමත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එස්.එස්.සී පිල ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 146 ක් ලබාගත්තේය. විස්සයි-20 තරගයක් වූ නමුත් තරමක් විමසිලිමත් පිතිහරඹයක නිරතවූ ක්‍රිෂාන් සංජුල පන්දු 62 කදී හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 71 ක් ලබාගත්තේය.
සමත්විය. නිපුන් ධනංජය ලකුණු 27 ක් සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 27 ක් රැස්කරමින් එස්.එස්.සී ලකුණු සංඛ්‍යාව ඉහල දැමීමට දායක වූහ. හේෂාන් හෙට්ටිආරච්චි සිය ඕවර 4 ලකුණු 27 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත් අතර ජනිත් ද සිල්වා, සීකුගේ ප්‍රසන්න සහ අසේල ගූණරත්න කඩුල්ල බැගින් දවාගත්හ.
ජයග්‍රහණය සඳහා ලකුණු 148ක ඉලක්කයක් හඹාගිය යුදහමුදා පිලට ඕවර 19.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 117 ක් පමණි.
අෂාන් රන්දික වේගවත් ආරම්භයක් ලබාගත්තද ඉතා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට ලක්වීමෙන් යුදහමුදා පිලේ බලාපොරොත්තු සුන්වී ගියේය. දැවී යනවිට පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 44ක් ලබාගන්නට අෂාන් සමත්විය.
අෂාන්ට අනගි සහයක් ලබාදෙමින් පන්දු 31 කදී හතරේ පහර 3ක් සමගින් ලකුණු 32 ක් ලබා ගැනීමට හිමාෂ ලියනගේ සමත් වුවද සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට එස්.එස්.සී පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණ.
හිමේෂ් රාමනායක කඩුලු 3 ක් ද, කළණ පෙරේරා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින්ද චරිත් අසලංක සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින්ද දවාගනිමින් එස්.එස්.සී පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූහ.
අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ක්‍රිෂාන් සංජුල සම්මාන දිනාගත්තේය.
එස්. එස්.සී.- ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 146
(නිපුන් ධනංජය 27, ක්‍රිෂාන් සංජුල නොදැවී 71, නුවනිඳු ප්‍රනාන්දු 27, හේෂාන් හෙට්ටිආරච්චී 27/2)
යුදහමුදාව - ඕවර 19.2 කදී සියලුදෙනා දැවී 117
(අෂාන් රන්දික 44, හිමාෂ ලියනගේ 32, හිමේෂ් රාමනායක 23/3, කළණ පෙරේරා 15/2, තරිඳු රත්නායක 21/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.