Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ (2025) සමස්ත ශූරතාව පිට පිටම සිව් වැනි වතාවටත් දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමත් විය. ඒ මෙම වසරට නියමිත ක්‍රීඩා උළෙලේ සමස්ත කාන්තා හා පිරිමි ශූරතා දෙකම දිනා ගනිමිනි.
දිවයින පුරා රාජ්‍ය විශ්ව විද්‍යාල ගණනාවකම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා ඉසව් 24 ක් සදහා මෙවර ක්‍රීඩා උළෙලට ඉදිරිපත් වූහ. රජරට විශ්ව විද්‍යාලය මෙවර අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දැරීය.
2023 වසරේ පැවති ක්‍රීඩා උළෙලේදී මෙන්ම මෙම වසරේත් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතා තුනම දිනා ගැනීමට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමත්වීම කැපී පෙනේ. එහිදී ක්‍රීඩා ඉසව් රැසකින් නව වාර්තා පිහිටුවීමටද ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මෙවරත් ක්‍රීඩා උළෙල ජය ගැනීම සදහා දායකවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැමටත් එහි පුහුණුකරුවන්,උප කුලපතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් එහි ක්‍රීඩා මෙහෙයුම් කමිටුව සිය කෘතගුණතාවය පළ කර සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.