Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විරේන් - රනිත්මා දෙවැනි වටයට
ලෝක බැඩ්මින්ටන් ශූරතාවලිය

විරේන් - රනිත්මා දෙවැනි වටයට

editorial - 2025 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සංවිධානත්වයෙන් ප්‍රංශයේදී පැවැත්වෙන ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියේ මූලික වටයේ තරගවලදී ජයග්‍රහණ ලබා දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ සමත් වූහ. 

පිරිමි කේවල ඉසව්ව යටතේ තරගාවලියට එක්වූ විරේන්, එහි මූලික වටයේදී ඊශ්‍රායලයේ මිෂා සිල්බර්මන්ට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කළේය. එම තරගයේ පළමු වටය ලකුණු 21/11 ක් ලෙස පහසුවෙන් ජය ලැබූ විරේන්, ඉතා තියුණු සටනකින් අනතුරුව දෙවැනි වටය ජයගත්තේ ලකුණු 23/21 ක් ලෙසිනි. 

කාන්තා කේවල ඉසව්ව යටතේ තරග වැදුණු රනිත්මා, මූලික වටයේදී අයර්ලන්තයේ රචෙග් දරාග්ට එරෙහිව වට 2-1 ක තියුණු ජයක් ලැබුවාය. එම තරගයේ පළමු වටය දරාග් හමුවේ ලකුණු 21/19 ක් ලෙස පරාජයට පත්වූ රනිත්මා, දෙවැනි සහ තෙවැනි වට ලකුණු 21/11 ක් සහ 11/03 ක් ලෙස ජය ගනිමින් සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තාය. 

පිරිමි කේවල දෙවැනි වටයේදී ප්‍රංශයේ ටොමා ජූනියර්ට එරෙහිව විරේන් ශ්‍රී ලංකා වේලාවෙන් අද (27 වැනිදා) රාත්‍රී 10.40 ට තරග වැදීමට නියමිතව ඇත. කාන්තා කේවල දෙවැනි වටයේදී ජපානයේ සිම් යූ ජින්ට එරෙහිව රනිත්මා ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.25 ට තරග වැදීමට සූදානමින් සිටින්නීය. 

මේ අතර පිරිමි කේවල ඉසව්වට එක්වූ ශ්‍රී ලංකාවේ දුමිඳු අබේවික්‍රමට ජපානයේ කොඩායි නරෝකා හමුවේ වට 2-0 ක් ලෙස පරාජය වීම හේතුවෙන් එහි මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවිය. පිරිමි කේවල ඉසව්වට මෙන්ම කාන්තා කේවල ඉසව්වටද තරගකරුවන් 64 දෙනා බැගින් සහභාගි වූහ. 

එම ඉසව් දෙක හැරුණුකොට ශ්‍රී ලංකාව සහභාගි වූ එකම ඉසව්ව වූයේ කාන්තා යුගල ඉසව්වය. එහිදී ක්‍රීඩිකා යුගලයන් ද්විත්වයක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට අවතීර්ණ වුවද, ස්කොට්ලන්ත සහ ප්‍රංශ යුගලයන් හමුවේ පරාජය වීම හේතුවෙන් ඔවුන්ටද මූලික වටයෙන්ම ඉවතට විසිවීමට සිදුවූහ. 


පිරිමි කේවල 
විරේන් නෙත්තසිංහ (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මිෂා සිල්බර්මන් (ඊශ්‍රායලය) පරාජය කරන ලදි. (21/11, 23/21) 

කොඩායි නරෝකා (ජපානය) විසින් වට 2-0 ක් ලෙස දුමිඳු අබේවික්‍රම (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/10, 21/07) 

කාන්තා කේවල 
රනිත්මා ලියනගේ (ශ්‍රී ලංකාව) විසින් වට 2-1 ක් ලෙස රචෙග් දරාග්  (අයර්ලන්තය) පරාජය කරන ලදි. (19/21, 21/11, 11/03) 

කාන්තා යුගල 
ජූලි මැක්පර්සන් සහ සියාරා ටොරන්ස් (ස්කොට්ලන්තය) විසින් වට 2-0 ක් ලෙස ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/07, 21/08) 
ටියා මර්ගුරිටි සහ ෆ්ලැවී වොලෙට් (ප්‍රංශය) විසින් වට 2-0 ක් ලෙස හසිනි අම්බලන්ගොඩ සහ හසාරා විජයරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/18, 21/16) 

 


අදහස් (0)

විරේන් - රනිත්මා දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.