Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වූ යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ, ලෝක බැඩ්මින්ටන් සංගමයේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ථාන 18 ක් ඉදිරියට එමින් 58 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටියි.
ඉකුත් සතියේදී ප්‍රංශයේ පැවැති ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රේණිගත කිරීම්හි 73 වැනි ස්ථානයේ පසුවූ ඊශ්‍රායලයේ මිෂා සිල්බර්මන් තරග වට 2-0 ක් ලෙස පරාජය කිරීමට සමත් වීමත් සමග විරේන්ට ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට ඒමට අවස්ථාව උදා වී ඇත. ඒ වන විට ඔහු ශ්‍රේණිගත කිරීම්හි 76 වැනි ස්ථානයේ පසුවිය.
මෙය විරේන් හිමිකරගත් ඉහළම ශ්‍රේණිගත ස්ථානය වන අතර ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ක්‍රීඩකයන් 60 දෙනා අතරට එක්වූ පළමු අවස්ථාවද මෙය වේ. 2023 වසරේදී ඉන්දුනීසියානු ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේදී රිදී පදක්කමක් දිනූ විරේන්, 2024 වසරේදී බංග්ලාදේශ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමටද සමත් විය.
පසුගිය වසර 25 තුළ ඔහු හැරුණු කොට ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ක්‍රීඩකයන් 60 දෙනා අතරට එක්වූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ නිලූක කරුණාරත්නය. 2012 ලන්ඩන්, 2016 රියෝ සහ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලවලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලූක, 2013 වසරේ ජූනි මාසයේදී ලෝක ශ්‍රේණිගත කිරීම්හි 34 වැනි ස්ථානයට පත්ව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.