Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සංවිධානත්වයෙන් ප්‍රංශයේදී පැවැත්වෙන ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි කේවල ඉසව්වේ දෙවැනි වටයේ තරගයකදී පරාජයට පත්වීම හේතුවෙන් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහට ඊයේ (27 වැනිදා) සිදුවිය.
දෙවැනි වටයේදී ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි 15 වැනි ස්ථානයේ පසුවන ප්‍රංශයේ තෝමා ජූනියර්ට එරෙහිව ශ්‍රේණිගත කිරීම්හි 76 වැනි ස්ථානයේ පසුවන විරේන් තරග බිමට අවතීර්ණ විය. එහිදී ඔහු තරග වට 2-0 ක් ලෙස පරාජයට පත් වූ අතර 21/17 ක් සහ 21/09 ක් ලෙස එම තරගයේ ලකුණු තත්වය සටහන් විය.
ක්‍රීඩකයන් 64 දෙනෙක් සහභාගි වූ පිරිමි කේවල ඉසව්ව යටතේ තරගාවලියට එක් වූ විරේන්, මූලික වටයේදී ඊශ්‍රායලයේ මිෂා සිල්බර්මන්ට එරෙහිව වට 2-0 ක ජයක් ලබමින් දෙවැනි වටයට පිවිසියේය. පළමු වටය ලකුණු 21/11 ක් ලෙස පහසුවෙන් ජය ලැබූ විරේන්, තියුණු සටනකින් අනතුරුව දෙවැනි වටය ජයගත්තේ ලකුණු 23/21 ක් ලෙසිනි.
පිරිමි කේවල පළමු වටය
විරේන් නෙත්තසිංහ (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මිෂා සිල්බර්මන් (ඊශ්‍රායලය) පරාජය කරන ලදි. (21/11, 23/21)
පිරිමි කේවල දෙවැනි වටය
තෝමා ජූනියර් (ප්‍රංශය) විසින් වට 2-0 ක් ලෙස විරේන් නෙත්තසිංහ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/17, 21/09)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.