Last Update  :  2026-01-01 17:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වැසි වැළකින් තරගය පමාවෙයි

වැසි වැළකින් තරගය පමාවෙයි

Dilrukshi - 2015 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ගාල්ල ප‍්‍රදේශයට ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාවත් දිගින් දිගටම පවතින වැසිබර අහසත් නිසා ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට වීමට නියමිත පළමු ටෙස්ට් තරගයේ ආරම්භය ප‍්‍රමාද වී තිබේ. කී‍්‍රඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති අතර තරගයේ ආරම්භයක් පෙනෙනතෙක් මානයේ අතර කී‍්‍රඩා පිටියට පිවිසීමට හෝ කිසිවකුට උනන්දුවක් කිසිවකුට නොතිබිණ.

ඊයේ (16 වැනිදා) පෙරවරුවේදී තරමක වර්ෂාවක් පැවැති නමුත් පස්වරු 7.00 වන තුරුත් නැවතත් වර්ෂාව ඇති නොවීය. එහෙත් ඊයේ රාතී‍්‍ර 7.00 ට පමණ ධාරාණිපාත වර්ෂාවක් ඇතිවූ අතර නැවතත් අද අලූයම 2.30 ට පමණ තවත් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළිණ.අද පෙරවරුවේදී පැවැති වර්ෂාව නිසා කී‍්‍රඩාංගණයේ ආවරණ එලෙසම පැවැති අතර අව්රැුල්ලක් පෙනෙන තෙක් මානයේ නොතිබූ හෙයින් තණතීරු ආවරණ ඉවත් කළ නොහැකි විය.

පෙරවරුවේදී කී‍්‍රඩාංගණයට පැමිණි තරග තීරක සහ විනිසුරුවරු පිටියේ තත්ත්වය පරීක්‍ෂා කිරීමෙන් පසුව නැවතත් පිටව ගියහ. තරග තීරක කි‍්‍රස් බ්‍රෝඞ් මහතා පස්වරු 2.00 ට නැවතත් කී‍්‍රඩාංගණයට පැමිණ අද දිනයේ කී‍්‍රඩාව පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.

රිචඞ් ඉලිංවර්ත් සහ පෝල් රයිෆල් මෙම තරගයේ විනිසුරුවරු ලෙස කටයුතු කරති.

 


අදහස් (0)

වැසි වැළකින් තරගය පමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.