Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
තායිලන්තයේ බැංකොක් නුවරදී අද (5) පැවැති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ශ්‍රී ලංකාව විසින් බෲනායි රාජ්‍යය ගෝල 1 - 0 කින් පරාජය කරන ලදී. මෙම ජයග්‍රාහණය කැපී පෙණුනේ ජාත්‍යන්තර පාපන්දු පිටියේ ශ්‍රී ලංකාව විසින් බෲනායි පරාජයට පත් කළේ වසර 16 කට පසුව වීමය.
මීට පෙර ශ්‍රී ලංකාව විසින් අවසන් වරට බෲනායි ජාත්‍යන්තර පාපන්දු තරගයකදී පරාජයට පත් කිරීම 2009 දී ආසියානු කුසලාන නිර්දේශිත තරග වටයකදී වාර්තාවී ඇත්තේ ගෝල 5 - 1ක් ලෙසයි.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ගෝලය ලියෝන් පෙරේරා විසින් වාර්තා කළේ ඩිලෝන් ද සිල්වා විසින් යොමු කළ පන්දුව ප්‍රයෝජනයට ගනිමිනි. 28 හැවිරිදි ලියෝන් ජර්මනියේ පදිංචි ද්විත්ව පුරවැසිලාභීයෙකු වෙමින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයට එක්වූ ක්‍රීඩකයෙකි. මෙම ජයත් සමග ශ්‍රී ලංකාවට දැනට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව පසු වන 200 වැනි ස්ථනයෙන් පියවරක් ඉදිරියට (199) පැමිණීමේ අවස්ථාව හිමි වනු ඇත.
දෙරට බැංකොක් නුවරදී මුණ ගැසෙන විට බෲනායි ලෝක පාපන්දු (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව පසු වූයේ 185 වැනි ස්ථානයේය. ඒ අනුවත් ශ්‍රී ලංකාව අද ලබාගත් ජයග්‍රාහණය වඩාත් වටිනාකමක් ගත්තේය. වසර 2024 ජූනි මාසයේදී දෙරට මුණ ගැසුණු ජාත්‍යන්තර පාපන්දු තරග දෙකකදී ශ්‍රී ලංකාව පරාජයට පත්වීම සැළකිල්ලට ගැනීමේදීත් එහි වැදගත්කමක් ගනියි.
ලාඕසය සුහද ජාත්‍යන්තර තරගයකදී එරටදීම ගෝල 2 - 0 කට පරාජය කරමින් මෙම වසරේ මාර්තු 20 වැනිදා ශ්‍රී ලංකාව මීට පෙර අවසන් ජාත්‍යන්තර පාපන්දු ජය වාර්තා කර තිබේ. 2024 හා 2025 මේ දක්වා ශ්‍රී ලංකාව මුහුණ දුන් ජාත්‍යන්තර පාපන්දු තරග 11 කදී ශ්‍රී ලංකාව වාර්තා කළේ සිය තෙවැනි තරග ජයයි. තරග හයක් පරාජයවී සෙසු තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කර ඇත.
ශ්‍රී ලංකාවට ආසන්නයේදීම යෙදී තිබෙන මීළග ජාත්‍යන්තර පාපන්දු තරගය ලබන අගහරුවාදා (10) චීන - තායීපේට එරෙහිව කොළඹදී පැවැත්වේ. එය ආසියානු කුසලාන (2027 - රියාද්) නිර්දේෂ ලැබීමේ අවසන් තරග වටය යටතේ පැවැත්වෙන තරගයකි.
බෲනායි රාජ්‍යය අද අත් කර ගත්තේ පිට පිටම පස් වැනි ජාත්‍යන්තර පාපන්දු තරග පරාජයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.