Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දීය සංචාරය මඟහැරීයනු ඇතැයි වාර්තා වේ. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය අතරතුර කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් අවසන් තරග කිහිපය අහිමිවූ හසරංග දින හතක නිරෝධායන කාළයක් ගත කළද ඕස්ට්‍රේලියාවෙන් පිටවීමට පෙර සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණයද ධනාත්මකවී ඇත.
ඒ අනුව ඉන්දියාවට එරෙහිව හෙටින් (24 වැනිදා) ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය වනිඳු හසරංගට අහිමිව යනු ඇත.
ඕස්ට්‍රේලියානු තරගාවලිය එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම කෙළින්ම ඉන්දියාව බලා පිටත්ව යනු ඇති අතර හසරංගට තවත් දින කිහිපයක් ඕස්ට්‍රේලියාව තුල රැඳී සිටීමට සිදුවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.