Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනිඳුගේ කඩුලු 5 බැංගලෝර්ට ජය ගෙනෙති
අයි.පී.එල්.- 2022

වනිඳුගේ කඩුලු 5 බැංගලෝර්ට ජය ගෙනෙති

editorial - 2022 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වනිඳු හසරංගගේ (18/5) පන්දු යැවීමත්, ෆෆ් ඩු ප්ලේසීස් (නොදැවී 73) ඇතුළු පිතිකරුවන්නේ දක්ෂතාව හේතුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව මුම්බායිහිදී අද (8 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 54 වැනි තරගය ලකුණු 67 කින් ජය ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් පිලට ඕවර 19.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 125 ක් පමණි.

රාහුල් ත්‍රීපාටී පන්දු 37 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 58 ක් ලබාගැනීමට සමත්වුවද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹයන් හේතුවෙන් ඔවුන්ට පරාජය උරුම විය. ඒඩ්න් මාක්‍රම් ලකුණු 21 ක් ලබාගත්තේය.

විස්සයි20 ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ වනිඳු හසරංග සිය ඕවර 4 ලකුණු 18 කට සීමාකරමින් නිලකුණු ඕවරයක් සමගින් කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය. ජොෂ් හේසල්වුඩ් ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගනිමින් බැංගලෝර් පිලේ ජයග්‍රහණයට දායක වූහ.

කාසිය වාසියා දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 192 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරු විරාට් කෝලී ඉනිමේ පළමු පන්දුවෙන් දැවී ගියද රාජත් පතිදාර් සමගින් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 73 කදී ලකුණු 105 ක් සම්බන්ධතාවක්ද, ග්ලෙන් මැක්ස්වෙල් සමගින් තෙවැනි කඩුල්ල සඳහා පන්දු 36 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක්ද, ඩිනේෂ් කාර්තික් සමගින් සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 10 කදී තවත් ලකුණු 33 ක නොබිඳුණු සම්බන්ධතාවක්ද පැවැත්වීමට නායක ෆැෆ් ඩු ප්ලේසීස් සමත්විය.

ෆැෆ් ඩු ප්ලේසීස් පන්දු 50 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 73 ක් සහ රාජත් පතිදාර් පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 48 ක් ලබාගැනීමට සමත්වූහ. ඊට අමතරව ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් සහ ඩිනේෂ් කාර්තික් පන්දු 8 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 30 ක් ද රැස්කිරීමට සමත්වූහ.

තරගයේ වීරයාට හිමි සම්මානය වනිඳු හසරංග දිනාගැනීමට සමත්විය.


රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 192
(ෆැෆ් ඩු ප්ලේසීස් නොදැවී 73, රාජත් පතිදාර් 48, ග්ලෙන් මැක්ස්වෙල් 33, ඩිනේෂ් කාර්තික් නොදැවී 30, ජගදීෂ සුචිත් 30/2)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 19.2 කදී සියලුදෙනා දැවී 125
(රාහුල් ත්‍රීපාටී 58, ඒඩ්න් මාක්‍රම් 21, වනිඳු හසරංග 18/5, ජොෂ් හේසල්වුඩ් 17/2)

- 2079


අදහස් (0)

වනිඳුගේ කඩුලු 5 බැංගලෝර්ට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.