
රිටි පැනීමේ ලෝක ශූරතාව දෙවරක්ම දිනා සිටින එක්සත් ජනපදයේ සෑම් කෙන්ඩ්‍රික්ස් කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ. සෑම්ට මෙම ඉරණමට මුහුණ දීමට සිදුවූයේ ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා තරග ආරම්භ කිරීමට දින දෙකක් තිබියදීය.
“සෑම් කෙන්ඩ්‍රික්ස් කොවිඩි-19 වයිරසය අසාදනය වීම නිසා ඔහු මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී තරග නොකරන බව තහවුරු කරන්නේ කණගාටුවෙනි” යයි එක්සත් ජනපද ඔලිම්පික් සහ පැරලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.
වසර 2017 සහ 2019 ලෝක ශූරතාවලි දෙකේදීම පිට පිටම රිටි පැනීමේ රන් පදක්කම දිනාගත් සෑම් කෙන්ඩ්‍රික්ස් හා තරගයට සිටියේ එම ඉසව්වේ ලෝක වාර්තාව හිමි වන ස්වීඩනයේ ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස්ය.
2016 රියෝ ඔලිම්පික් උළෙල්දී රිටි පැනීමෙන් ලෝකඩ පදක්කම දිනාගත් සෑම් කෙන්ඩ්‍රික්ස් මේ වන විට හෝටලයක හුදෙකළා කරනු ලැබ සිටී. එක්සත් ජනපදයේ මලල ක්‍රීඩා කණ්ඩායම සහ එක්සත් ජනපද ඔලිම්පික් සහ පැරලිම්පික් කමිටුව ඔහුගේ සියලු පහසුකම් සම්බන්ධයෙන් සොයා බලනු ඇත.
- 213

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.