එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලයේ සභාපති ජයිල්ස් ක්ලාක් මහතා සිය තනතුරෙන් ඉවත්ව යන්නේ නම් තමන් නැවතත් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියට පිවිසෙන බව එංගලන්ත පිලෙන් නෙරපා හැර සිටින කෙවින් පීටර්සන් කියයි. එංගලන්තයේ මහත් ආන්දෝලනයක් ඇතිකරමින් සිය චරිතාපදානය එළිදැක්වූ කෙවින් පීටර්සන් එම ග‍්‍රන්ථය වෙළෙඳ පොළට නිකුත් කිරීමෙන් අනතුරුව මෙසේ පැවසීය.
දකුණු අපි‍්‍රකාවේ උපත ලද කෙවින් පීටර්සන් පසුව එංගලන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා කළ අතර ඔහු එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් ලබාගත් කී‍්‍රඩකයාද වෙයි.
පීටර්සන්ගේ චරිතාපදානය නිකුත් කිරීමට පෙර පැවැති පූර්ව ප‍්‍රචාරවලදී වැඩිදෙනාගේ කතාබහට ලක්වූයේ එංගලන්ත කණ්ඩායම තුළ පවතින නවකයන්ට අයුතු බලපෑම් කිරීමේ සම්ප‍්‍රදාය කෙවින් පීටර්සන් විසින් හුවා දක්වා ඇති බවයි. එම කෘතියේදී එංගලන්ත කණ්ඩායම් කළමණාකාරීත්වය සහ පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් මහතා මෙන්ම සිය කණ්ඩායම් සගයින්ද පීටර්සන්ගේ දැඩි විවේචනයට ලක්වී තිබිණ.
එංගලන්ත පිලේ හිටපු දග පන්දු යවන්නකු වන ගේ‍්‍රඒම් ස්වෝන් විසින් පීටර්සන්ගේ ජීවිත කතාව හඳුන්වාදෙන ලද්දේ ජූල්ස් වර්න්ගේ ‘ලෝකය වටා 80 දවසකින්’ නම් කෘතියෙක් පසුව පිහිවූ හොඳම ප‍්‍රබන්ධය ලෙසයි.
කෙසේ වෙතත් පීටර්සන් නැවතත් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියට පිවිසේවි යයි බලාපොරොත්තු තබාගැනීමට ඇති ඉඩකඩ ඉතා අල්පය. නිමාවූ එංගලන්ත ගිම්හානයේදි ඔහු එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලියටවත් සහභාගි නොවීය. එහෙත් 34 හැවිරිදි පීටර්සන් තවමත් බලාපොරොත්තු අතහැර නැත.
”මා නැවතත් එංගලන්ත පිලට එක්වෙනවා නම් මොකක් වෙන්න ඕනෑ කියලද හිතන්නේ?....ඉතාම පැහැදිළිව කියනවා නම් ලොක්කා (ජයිල්ස් ක්ලාක් මහතා) යන්න ඕනේ” යයි එංගලන්තයේ ‘ද ඊව්නිං ස්ටෑන්ඩඞ්’ පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡවකදී කෙවින් පීටර්සන් පවසා තිබේ.
”ක්ලාක් යන්නම ඕනේ. ඊළග මාස කිහිපයේදී එවැනි දෙයක් වෙන්න පුළුවන් කියා මට අසන්නට ලැබී තිබෙනවා....ඒත් හරියටම කියන්න බෑ”
”ලොකු පුටුවේ වෙනසක් වෙන්න පුළුවන්....අපි ඉඳලා බලමු” යයි කී පීටර්සන්
”ජයිල්ස් නූල් සූත්තර කාරයා..මා කියන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාව ගැන..මා හිතන විදිහට ඇන්ඩි ෆ්ලවර් පවා මේ නූල් සූත්තර දන්නවා”
”කොහොම වුණත් ජයිල්ස් ඉන්නේ ෆ්ලවර්ගේ සාක්කුවේ” යයිද පීටර්සන් පවසා තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.