Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලංකා ප්‍රිමියර් ලීගයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන් ඉවතට

ලංකා ප්‍රිමියර් ලීගයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන් ඉවතට

editorial - 2020 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ කාර්යබහුල වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ඔවුන් සහභාගි නොවන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් මහතා පවසයි. ඒ අනුව ඔක්තෝබර් මස 1 වැනිදා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසියේදී සකිබුල් හසන්ට ලංසුවන් ලැබෙනු ඇතැයි සිතීම උගහටය.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද තහනමකට යටත්ව සිටින සකිබුල් හසන් ලන්කන් ප්‍රීමියර් ලීග් තරගාවලියේදී වෙන්දේසි වීමට ඉලක්කව සිටියේය. එහෙත් බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානියාගේ නිවේදනයත් සමගින් සකීබ් අල් හසන් හට තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමි වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් 150 ක් පමණ වෙන්දේසිය සඳහා ලැයිස්තුගත කර තිබේ. ඔවුන් අතර ක්‍රිස් ගේල්, ඩැරන් සැමී, ඩැරන් බ්‍රාවෝ, ශහිඩ් අෆ්රිඩි, කොලින් මුන්රෝ, මුනාෆ් පතෙල් සහ රවී බෝපාරා වැනි ක්‍රීඩකයින් සමඟින් වෙන්දේසියට යෑමට සිටි විදේශීය ක්‍රීඩකයින් අතරින් සකීබ්ද එක් අයෙක් විය.

“ලන්කන් ප්‍රීමියර් ලීග් තරගාවලියට බංග්ලාදේශ ක්‍රීඩකයින් සහභාගී වනු ඇතැයි මම සිතන්නේ නෑ” යැයි නස්මුල් මහතා මාධ්‍යවේදීන් අමතා පැවසීය.

“ඒ වන විට අපගේ දේශීය ක්‍රිකට් තරගාවලිය ආරම්භවී ඇති අතර ඒ කාළයේදී ඔවුන් මෙහි සිටිය යුතුයි” යැයිද නස්මුල් මහතා වැඩිදුරටත් පැවසීය.

අවස්ථා තුනකදී දූෂිත ප්‍රවේශයන් වාර්තා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සකීබ්ට වසරක ක්‍රිකට් තහනමක් පනවන ලදී. ඔහුගේ එම තහනම මේ වසරේ ඔක්තෝබර් 28 වනදායින් අවසන් වීමට නියමිත බැවින් ඔක්තෝබර් 29 සිට නැවත ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට ඔහුට අවස්ථාව හිමිවනු ඇත.

අගෝස්තු මස අගදී පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නොවැම්බර් 14 සිට දෙසැම්බර් 6 දක්වා පැවැත්වීමට දැන් තීරණය කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනාටම අනිවාර්යයෙන් දින 14 ක නිරෝධායන කලයක් ගතකිරීමට සිදුවන බැවින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තවදුරටත් ප්‍රමාද විය හැකිය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් පහක් සටන් වදින අතර සෑම කණ්ඩායමකටම ජාත්‍යන්තර ක්‍රීඩකයින් 6 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කෙරෙයි.
 
සකීබ් හැරුණු විට මුෂ්ෆිකූර් රහීම්, මහමුදුල්ලා රියාද්, මුස්ටෆිසුර් රෙහෙමාන්, සබීර් රෙහෙමාන් සහ මොහොමඞ් සයිෆුදින් යන ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කරන ලදී.


- 2079

 


අදහස් (1)

ලංකා ප්‍රිමියර් ලීගයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන් ඉවතට
  • Prabha Tuesday, 29 September 2020 12:52 PM

    බංගලි උඩ ගිය තරම්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.