Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රෝහිත් ෂර්මා ටෙස්ට් නායකත්වයට

රෝහිත් ෂර්මා ටෙස්ට් නායකත්වයට

editorial - 2022 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ක්‍රිකට් ටෙස්ට් පිලේ නායකයා වශයෙන් රෝහිත් ෂර්මා නම්කර තිබේ. දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවැති තරගාවලියේදී ටෙස්ට් පිලේ උප නායකයා වශයෙන් නම්කරන ලද රෝහිත් ෂර්මාට ටෙස්ට් පිලේ නායකත්වය හිමිවන බව කල් තියාම ඉඟි පළවී තිබිණ.

දකුණු අප්‍රිකානු පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති තරගාවලියේදී උප නායකයා වශයෙන් පත්වීම ලැබූ නමුත්, පාදයේ කලව මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් රෝහිත් ෂර්මාට එම තරගාවලිය අහිමි විය. කේප් ටවුන් නුවරදී පැවැති ටෙස්ට් තරගය කඩුලු 7 කින් පරාජය වීමත් සමගින් හිටපු ටෙස්ට් නායක විරාට් කෝලි සිය නායකත්වයෙන් ඉල්ලා අස්වූයේය. ඉන්දියානුවෝ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙසින් පරාජය වූහ.

වසර 2015 දී මහේන්ද්‍ර සිං දෝනිගෙන් පසුව ඉන්දීය පිලේ නායකත්වය බාරගත් විරාට් කෝලි, ඉන්දීය ටෙස්ට් ඉතිහාසයේ සාර්ථකම නායකයා විය. ටෙස්ට් තරග 68 කදී ඉන්දීය පිල මෙහෙයවූ විරාට් කෝලි ඒවායින් තරග 40 ක් ජයගෙන තිබේ. පරාජය වී ඇත්තේ තරග 17 කදී පමණි.

වසර 5 කට වැඩි කාලයක් ඉන්දීය පිලේ සීමිත ඕවර නායකයාද වූ විරාට් කෝලිගේ සමය අවසන් කරමින් පසුගිය දෙසැම්බර් මාසයේදී ඉන්දීය සීමිත ඕවර කණ්ඩායම්වල නායකයා වශයෙන් රෝහිත් ෂර්මා පත්කරනු ලැබිණ.

නායකයකු වශයෙන් සිය මුල්ම විස්සයි-20 තරගාවලියේදී  නවසීලන්තය පරාජය කළ 34 හැවිරිදි රෝහිත් ෂර්මා, පසුගිය සතියේ අවසන් වූ එක්දින තරගාවලියකදී කොදෙව් පිල 3-0 කින් පරාජය කළේය. කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියද තරගයක් ඉතිරිව තිබියදීම ජයගැනීමට රෝහිත් ෂර්මාගේ ඉන්දීය පිල දැනටමත් සමත්ව සිටී.

- 213

 


අදහස් (0)

රෝහිත් ෂර්මා ටෙස්ට් නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.