Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රොහාන්- එරන්දි මේසපන්දු ශූරතා දිනති

රොහාන්- එරන්දි මේසපන්දු ශූරතා දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවරඑළිය ෆියුචර් ස්පින් මේසපන්දු සංගමය සංවිධානය කළ ෆියුචර් ස්පින් ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි සහ කාන්තා ශූරතා දිනාගැනීමට රොහාන් සිරිසේන සහ එරන්දි වරුෂවිතාන සමත්වූහ.

විවෘත පිරිමි අවසන් තරගයේදී තරග වට 4-1 ක් ලෙස ගුවන් හමුදාවේ ඉමන්ත උදාංජය පරාජය කරමින් ස්ටැග් මේසපන්දු කී‍්‍රඩා සමාජය නියෝජනය කළ රොහාන් සිරිසේන ශූරතාව දිනාගත්තේය.

විවෘත කාන්තා ශූරතාව දිනාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එරන්දි වරුෂවිතාන සමත්වූ වූයේ අවසන් තරගයේදී තරග වට 4-2 ක් ලෙස ජාතික මේසපන්දු ශූරිය වන ගුවන් හමුදාවේ ඉශාරා මධුරංගි පරාජය කරමිනි.

වයස 21 න් පහළ පිරිමි ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවේ අශාන් අස්වින්ද සමත්වූ අතර 21 න් පහළ කාන්තා ශූරතාව දිනාගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ පවනි සිරිසේන සමත්වූවාය.

නුවරඑළිය සිනිසිටා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 500 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූහ.

බර ඉසිලීමේ කී‍්‍රඩක සුදේෂ් පීරිස්, මහනුවර නගරාධිපති මහින්ද දොඩම්පගේ සහ කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කී‍්‍රඩා අධ්‍යක්ෂ ආර්. බී. වික‍්‍රමසිංහ යන මහත්වරු තරගාවලියේ ජය සංඛේත ප‍්‍රදානෝත්සවයේ ආරාධිතයන් ලෙස සහභාගී වූහ.

තරග ප‍්‍රතිඵල (බාලක)

වයස 8 න් පහළ
කකේරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස බණ්ඩාර රඹුක්වැල්ල (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (11/3, 11/7)

වයස 10 න් පහළ
සෙනුර සමල් (ඩඞ්ලි සේනානායක විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස අත්තාබ් මන්සිල් (මහනුවර ති‍්‍රත්ව විදුහල) පරාජය කරන ලදි. (11/8, 11/4)

වයස 12 න් පහළ
කවිඳු කල්හාර (කැලණිය ධර්මාලෝක විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස සහිරු මුණසිංහ (යක්කල අනුර විදුහල) පරාජය කරන ලදි. (9/11, 11/9, 11/8)

වයස 15 න් පහළ
කවින්ද මනෝජ (ඩඞ්ලි සේනානායක විදුහල) විසින් සවිත් අදීප (බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල) පරාජය කරන ලදි.

වයස 18 න් පහළ
කවින්ද මනෝජ (ඩඞ්ලි සේනානායක විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස නිරාෂාන් ළහිරු (කෑගලූ විදුහල) පරාජය කරන ලදි. (7/11, 11/7, 11/6)

වයස 21 න් පහළ
අශාන් අස්වින්ද (ගුවන් හමුදාව) විසින් තරග වට 3-2 ක් ලෙස ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/9, 6/11 12/10, 4/11, 11/9)

විවෘත පිරිමි
රොහාන් සිරිසෙන (ස්ටැග් මේසපන්දු කී‍්‍රඩා සමාජය) විසින් තරග වට 4-1 ක් ලෙස ඉමන්ත උදාංජය (ගුවන් හමුදාව) පරාජය කරන ලදි. (11/5, 11/6, 11/8, 4/11, 11/8)

තරග ප‍්‍රතිඵල (බාලිකා)
වයස 8 න් පහළ
සවිනි රත්වත්තේ (මහනුවර උසස් බාලිකා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස චමීෂා තුෂාරි (කෑගලූ බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/7, 4/11, 12/10)

වයස 10 න් පහළ
තරණි ගලගොඩ (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස හංසනී ලියනගේ (ජනාධිපති බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/4, 11/8)

වයස 12 න් පහළ
ඉසුරි පංචාලි (සිරිකුරුස විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මිහිදුනි ගුණතිලක (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/5, 11/2)

වයස 15 න් පහළ
පූජානි විට්ටච්චි (මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමය) විසින් තරග වට 2-0 ක් ලෙස නෙත්මි හෙට්ටිආරච්චි  (සිරිකුරුස විදුහල) පරාජය කරන ලදි. (11/8, 12/10)

වයස 18 න් පහළ
තත්සරණි ද සිල්වා (දේවි බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස දිනිති දිසානායක (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (11/6, 11/9)

වයස 21 න් පහළ
පවනි සිරිසේන (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස මුතුමාලි පි‍්‍රයදර්ශනී (දේවානන්ද විදුහල) පරාජය කරන ලදි. (6/11, 11/5, 11/6, 8/11, 13/11)

විවෘත කාන්තා
එරන්දි වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 4-2 ක් ලෙස ඉශාරා මධුරංගි (ගුවන් හමුදාව) පරාජය කරන ලදි. (9/11, 13/11, 11/6, 11/13, 11/7, 11/9)


අදහස් (0)

රොහාන්- එරන්දි මේසපන්දු ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.