Last Update  :  2025-07-22 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාමට් - ශහිදී - නබී ඇෆ්ඝනිස්ථානය දිනවති

රාමට් - ශහිදී - නබී ඇෆ්ඝනිස්ථානය දිනවති

editorial - 2022 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේහිදී අද (4 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 60 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණගැනීමටද ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩකයෝ සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 277 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 216 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් නබී, සිය ඕවර 10 ලකුණු 34 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළුවේය. එහිදී ඔහුට අනගි සහායක් දුන් රෂීඩ් ඛාන් සහ ෆසාල්හක් ෆරූකී කඩුලු 2 බැගින් දවාගත්හ. 

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සිකන්දර් රාසා පන්දු 78 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 67 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු ඉනොසන්ට් කයියා හතරේ පහර 3 ක් සමග ලකුණු 39 ක්ද, නායක ක්‍රේග් එර්වින් හතරේ පහර 5 ක් සමග ලකුණු 30 ක්ද රැස්කළ නමුත් සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට එම දස්කම් ප්‍රමාණවත් නොවීය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 276 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයන්හි නිරත වූ රාමට් ෂා (94) සහ හෂ්මතුල්ලා ශහිදී (88) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 203 කදී ලකුණු 181 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඇෆ්ඝනිස්ථාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

පන්දු 120 කට මුහුණදුන් රාමට් ෂාගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත වූ අතර පන්දු 104 කදී වාර්තා වූ ශහිදිගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් විහ. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ රෂීඩ් ඛාන් පන්දු 17 කින් නොදැවී ලකුණු 39 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. 

ඇෆ්ඝනිස්ථානය - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 276 
(රහ්මතුල්ලා ගුර්බාස් 17, රාමට් ෂා 94, හෂ්මතුල්ලා ශහි 88, රෂීඩ් ඛාන් නොදැවී 39, බ්ලෙසිං මුසරබානි 52/4) 

සිම්බාබ්වේ - ඕවර 50 කදී සියලු දෙනා දැවී 216 
(ඉනොසන්ට් කයියා 39, ක්‍රෙග් එර්වින් 30, සිකන්දර් රාසා 67, මොහොමඩ් නබී 34/4, රෂීඩ් ඛාන් 39/2, ෆසාල්හක් ෆරූකී 41/2) 

-036  


අදහස් (0)

රාමට් - ශහිදී - නබී ඇෆ්ඝනිස්ථානය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.