Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලිගයේ පළමු කොටසේ තෙවැනි සතිය ආරම්භ වන විට ‘ඒ-1’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ රාජකීය විදුහලත්, ‘ඒ-2’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ ඉසිපතන විදුහලත් සමත්ව සිටිති. පළමු සහ දෙවැනි සතිවලදී ක්‍රීඩා කළ තරග 2 න්ම ජය ලැබීමට මෙම විදුහල් දෙක සමත්ව ඇති අතර එහිදී රාජයකීය විදුහල ප්‍රසාද ලකුණු 2 ක්ද ලබා සිටියි.
පළමු සතියේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 22-12 ක ජයක් ලැබූ රාජකීය ක්‍රීඩකයෝ, දෙවැනි සතියේදී මහනුවර කිංග්ස්වුඩ් විදුහල පරාජය කළේ ලකුණු 53-00 ක් ලෙසිනි. තෙවැනි සතියේදී (8 වැනිදා) ඔවුහු මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී තරග බිමට පිවිසීමට සූදානමින් සිටිති. ප්‍රසාද ලකුණු 2 ද සමග මේ වන විට ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 12 කි.
පළමු සතියේදී ලකුණු 19-09 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කළ ඉසිපතන ක්‍රීඩකයෝ දෙවැනි සතියේදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 10-00 ක ජයක් ලැබූහ. තෙවැනි සතියේදී (9 වැනිදා) ඔවුන් මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටින්නේ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදීය. මේ වන විට ඉසිපතන විදුහල ප්‍රසාද ලකුණු නොමැතිව ලකුණු 10 ක් ලබා සිටියි.
තෙවැනි සතිය ආරම්භ වන විට ‘ඒ-1’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන රාජකීය විදුහල සමග කරට කර සටනක නිරතව සිටින මරදාන ශාන්ත ජෝෂප් විදුහලද ප්‍රසාද ලකුණු 2 ක් සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 12 කි. කෙසේ වුවත් සහභාගි වූ තරගවලදී රැස්කළ ලකුණු සංඛ්‍යාවේ සහ ලබාදුන් ලකුණු සංඛ්‍යාවේ පරතරය අනුව ඔවුන්ට ලකුණු සටහනේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුව තිබේ.
‘ඒ-2’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ප්‍රසාද ලකුණු 2 ක් සමග ලකුණු 7 ක් ලබා සිටින නමුත් ඔවුන් එක් තරගයක් පරාජය වී තිබේ. දෙවැනි සතියේදී මෙවර තරගාවලියේ වඩාත් පෙරළිකාරම ජයග්‍රහණය වාර්තා කළ මහනුවර විද්‍යාර්ථ විදුහල ලකුණු 11-07 ක් ලෙස ශාන්ත පීතර විදුහල පරාජය කළේය.
තෙවැනි සතියේදී පැවැත්වෙන තරග
සිකුරාදා (8 වැනිදා)
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී
සෙනසුරාදා (9 වැනිදා)
කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
මරදාන ශාන්ත ජොෂප් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී
මහනුවර ධර්මරාජ විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී
ඉරිදා (10 වැනිදා)
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.