Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාජකීය විදුහලට කඩුලූ 4 ක ජයක්

රාජකීය විදුහලට කඩුලූ 4 ක ජයක්

ශනුක අරවින්ද - 2016 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති 137 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 4 ක ජයක් ලැබීමට රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ අද (12) සමත් වූහ.

රාජකීය විදුහල වසර දෙකකට පසුව මහ ක‍්‍රිකට් තරගයේ ජය ලැබූ අතර අවසන් වරට 2013 වසරේ ඩෙවින් පද්මනාදන්ගේ නායකත්වයෙන් ජය ලබා සිටියේය.

තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද පස්වරුවේ රාජකීය විදුහල් පිතිකරුවෝ ලකුණු 150 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 31 කදී කඩුලූ 6 ක් දැවී සම්පූර්ණ කළහ.

රාජකීය විදුහල් පන්දු යවන්නෝ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් සාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම ලකුණු 127 කට සීමා කරමින් තරගය කණපිට පෙරළීමට සමත් වූහ.

දකුණතින් වේග පන්දු යවන හිමේෂ් රාමනායක අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 64 කට කඩුලූ 4 ක් දවා ගනිමින් සාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම අඩ පණ කිරීමට පෙරමුණ ගත්තේය. හිමේෂ්, ශ‍්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක සහ වර්තමාන ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායක මහතාගේ බාල පුතු වේ.  

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (11) පස්වරුවේ ක‍්‍රීඩාව අවසන් කරන විට කඩුලූ 7  ක් දැවී ලකුණු 280 ක් රැුස්කර සිටි රාජකීය විදුහල් පළමු ඉනිම අද පෙරවරුවේ කඩුලූ 9 ක් දැවී ලකුණු 328 ක් ලබා ලකුණු 22 ක් පසු පසින් සිටියදී අත්හිටුවීය.

රාජකීය විදුහල් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්වූ පසිදු සූරියබණ්ඩාර පන්දු 309 කදී හතරේ පහර 17 ක් සමගින් ලකුණු 123 ක් රැුස් කිරීමට සමත් විය.

සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම  ඕවර 75 කදී කඩුලූ 5 ට 350
(යොහාන් මෙන්ඩිස් 64, රෂ්මික  ඕපාත 124, රවිදු කොඩිතුවක්කු 35, යොහාන් පෙරේරා 38, සචිත ජයතිලක නොදැවී 50, රවිදු තිලකරත්න නොදැවී 11)

රාජකීය විදුහල පළමු ඉනිම  ඕවර 116 කදී කඩුලූ 9 ක් දැවී 328
(නවීන් විදානපතිරණ 24, රොනුක ජයවර්ධන 25, පසිදු සූරියබණ්ඩාර 123, ගීෂාද් පණ්ඩිතරත්න 26, මලිත් කාරියවසම් 78, හේලිත විතානගේ 23, යොහාන් පෙරේරා 47/3, හංසක ලියනාරච්චි 44/2)

සාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම  ඕවර 45.5 කදී සියලූ දෙනා දැවී 127
(යොහාන් මෙන්ඩිස් 18, දනූෂ් පීරිස් 22, සෙනාල් ද සිල්වා නොදැවී 28, හිමේෂ් රාමනායක 64/4, ලසිත් ඇඹුල්දෙණිය 21/2, දුවි`දු හෙට්ටිආරච්චි 7/2)

රාජකීය විදුහල දෙවැනි ඉනිම  ඕවර 31 කදී කඩුලූ 6 ක් දැවී 150
(නවීන් විදානපතිරණ 29, පසිදු සූරියබණ්ඩාර 28, ගීෂාද් පණ්ඩිතරත්න 26, මලිත් කාරියවසම් නොදැවී 38, ගීෂාද් පණ්ඩිතරත්න 19, ගනිත් සංදීප නොදැවී 14, සචිත ජයතිලක 29/2)

 

 


අදහස් (0)

රාජකීය විදුහලට කඩුලූ 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.