Last Update  :  2025-12-16 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රන්ජන් මඩුගල්ලේ නොදැවී 150 යි

රන්ජන් මඩුගල්ලේ නොදැවී 150 යි

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A


එංගලන්තය සහ ඉන්දියාව අතර අද (15 වැනිදා) ලන්ඩන්  ඕවල් පිටියේදී ආරම්භ වූ සිවුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තරග තීරකවරයා ලෙසින් කටයුතු කරන රන්ජන් මඩුගල්ලේ මහතා ටෙස්ට් තරග 150 ක තරග තීරකවරයා ලෙසින් කටයුතු කළ පළමු වැන්නා ලෙස කි‍්‍රකට් ඉතිහාසයට එක්විය.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරකවරුන් අතර ප‍්‍රධානියා වන රන්ජන් මඩුගල්ලේ මහතා 1988 දී ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ අතර 1979 ලෝක කුසලාන තරගාවලියේ සිට 1988 දක්වා එක්දින තරග 63 කදී ශී‍්‍ර ලංකා පිල නියෝජනය කළේය.

තරග දිවියෙන් විශ‍්‍රාම ගැනීමත් සමගම තරග තීරකවරයකු වශයෙන් කටයුතු කිරීම ආරම්භ කළ මඩුගල්ලේ මහතාගේ පළමු පැවරුම වූයේ පාකිස්තානය සහ සිම්බාබ්වේ පිල අතර කරච්චියේදී පැවැති ටෙස්ට් තරගයයි. වසර 2003 ලෝක කුසලාන අවසන්  මහ තරගයේදීත් තරග තීරකවරයා වූ මඩුගල්ලේ මහතාට ලෝක කුසලාන අවසන් මහ තරග කිහිපයක්ම මගහැරුණේ ශී‍්‍ර ලංකා පිල එම අවසන් මහ තරග සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම සුදුසුකම් ලබාගත් හෙයිනි.

”කී‍්‍රඩකයකු හැටියටත්, තරග නිලධාරියකු හැටියටත් කි‍්‍රකට් කී‍්‍රඩාව මට බොහෝ දේ දීලා තියෙනවා. කි‍්‍රකට් කී‍්‍රඩාව ආධුනික තත්ත්වයේ ඉඳලා වෘත්තීමය තත්ත්වය දක්වා පරිණාමනය වූ අවධියේ මේ වගේ විශිෂ්ට කී‍්‍රඩකයන් සහ නිලධාරීන් පිරිසක් එක්ක එක්ව කටයුතු කරන්න ලැබීම ගැන මා ඉතාමත් වාසනාවන්ත යයි හැෙගනවා” යයිද සිය 150 වැනි ටෙස්ට් තරගයට පෙර රන්ජන් මඩුගල්ලේ මහතා පවසා තිබිණ.


අදහස් (4)

රන්ජන් මඩුගල්ලේ නොදැවී 150 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.