Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවාලමින් එහි කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා ක්‍රියාකාරී කාර්ය බළකායක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන ඇත.
1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ සංශෝධනවල 32 සහ 33 වගන්ති යටතේ ක්‍රීඩා ඇමතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ඔහු මෙම පියවර ගෙන ඇති අතර ඒ බව ගැසට් නිවේදනයක් ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනයට අනුව 2024 වසරේ මැයි මස 29 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් යටතේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ සර්ව බලධාරියා ලෙස එහි සියලු වගකීම් සහ බලතල ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා වන රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතාට ලබා දී තිබූ පත්වීමද වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු වනු ඇත.
ලෝක රග්බි සංගමය විසින් නම් කරන ලද ව්‍යවස්ථා සමාලෝචන සමූහය විසින් යෝජනා කරන ලද සහ සියලුම කොටස්කරුවන් විසින් එකඟ වන ලද, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2024 මැයි මස 24 වැනිදා දැනුම් දෙමින් ප්‍රකාශයට පත් කරන ලද නව රග්බි ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා සාමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විත මෙම ක්‍රියාකාරී කාර්ය බළකාය පත් කරනු ලැබ තිබේ.
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ක්‍රියාකාරී කාර්ය බළකායට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුභ්‍රමණියම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, ජනාධිපති නීතිඥ දිනාල් ෆිලිප්ස්, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික රොහාන් අභයකෝන් යන මහත්වරු ඇතුළත්ව සිටිති.
ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් දින 90 ක් ඇතුළත නිලවරණයක් පවත්වා රග්බි සංගමය සඳහා නිලධාරී මණ්ඩලයක් පත් කර ගත යුතු බවද, එතෙක් එම සංගමයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සියලු බලතල මෙම ක්‍රියාකාරී කාර්ය බළකායට පවරා දෙන බවද ක්‍රීඩා අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනය සඳහන් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.