Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩායමට එකතු වී සිටින නවක ක්‍රීඩකයන්ට ලොකු අවස්ථාවක් ලැබී ඇති බවත් එම ක්‍රීඩකයන් ද එකතු කරගෙන ජයග්‍රහණය දක්වා යෑම ඉලක්කය බව ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායක නිපුන් ධනංජය අද (04) පැවසීය.
ආසියානු ක්‍රිකට් සංගමය මෙහෙයවන ආසියානු කුසලාන වයස 19 න් පහළ (යොවුන්) ක්‍රිකට් ශූරතාවලිය කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් හෙට (5 වැනිදා) ආරම්භ වේ.
තරගාවලිය ආරම්භ කරමින් ඉන්දියාව සහ කුවේට් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී ද, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර පී. සරා ක්‍රීඩාංගණයේදී ද, අද තරග දෙකක් පැවැත්වේ.
ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය නේපාලයට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (06) පැවැත්වේ.
“කණ්ඩායමට අලුතෙන් එකතු වූ ක්‍රීඩකයන් පළාත් සහ පාසල් තරගවලදී දස්කම් දක්වලයි සංචිතයට ආවේ. මෙම තරගාවලියට සහභාගි වීම ඒ ක්‍රීඩකයන්ට ලොකු අවස්ථාවක්. එම ක්‍රීඩකයන් ඇතුළු සියලුම ක්‍රීඩකයන් සමඟ ජයග්‍රහණය දක්වා යන්න බලාපොරොත්තු වෙනවා”
“අපි හොඳ සූදානමකින් ඉනන්වා. පසුගිය සති කීපයේදී හොඳින් පුහුණුවීම් කළා. අපි තරගාවලියට සූදානම්” යැයි ශ්‍රී ලංකා යොවුන් නායකයා වැඩි දුරටත් පැවසීය.
ආසන්නතම ආසියානු යොවුන් ක්‍රිකට් ශූරයන් වන ඉන්දීය පිලේ නායක චාන්ද් ජුරිල් පැවසුවේ තම කණ්ඩායම තරගාවලිය කීපයක් ජය ලබා හොඳ ආත්මවිශ්වාසයකින් පසු වන බවයි.
තරගාවලියේ පළමු වටයේදී ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ කුවේට් යන කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩයේ ද, සත්කාරක ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ නේපාලය යන කණ්ඩායම් ‘බී’ කාණ්ඩයේ ද, ක්‍රීඩා කරයි.
තරගාවලි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන බන්දුල දිසානායක මහතා පැවසුවේ මෙම තරගාවලිය 2011 වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ශූරතාවලිය බවයි.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අටේ නායකයන් ශූරතා කුසලාන සමඟ.
(ඡායාරූපය: ඉසුරු පෙරේරා)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.