Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුපුන් අවසන් පූර්ව වටයට
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

යුපුන් අවසන් පූර්ව වටයට

editorial - 2022 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සුසිල් ප්‍රේමලාල් එංගලන්තයේ බර්මින්හැම් සිට)

දකුණු ආසියාවේ   වේගවත්ම කෙටි දුර ධාවන සුරයා වන යුපුන් අබේකෝන්  පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි  මූලික තරගය තත්ත්පර 10.06 කින් නිම කොට එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. මෙම ඉසව්වේ අවසන් පූර්ව වටය හෙට (3 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 11.40ට  පැවැත්වීමට නියමිතය.

මූලික තරග 8 කින්  සමන්විත මිටර 100  ඉසව්වේ 6 වෙති මූලික තරගයට ඉදිරිපත් වූ යුපුන් අබේකෝන් ඉතා පහසුවෙන් තරගය නිම කර ගැනීමට සමත් වූයේය. මෙම මූලික තරගයේ දෙවන ස්ථානය ට්‍රිනිඩැඩ්  හි බෙන්ජමින් කිඔන් (තත්ත්පර10.34)  විසින්ද  තුන්වැනි ස්ථානය නයිජීරියාවේ ඔගේනිබෘමෙ ඕකී (තත්ත්පර 10.36) විසින් ද දිනා ගන්නා ලදී.

තරඟයෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ යුපුන් අභයකෝන් "මගේ පළමු ඉලක්කය  අවසන් පූර්ව වටයට සුදුසුකම්  ලැබීමයි. එය පහසුවෙන්ම ඉටු කරගත්තා මීළඟට අවසන් පූර්ව වටයේදී  බලමු"  යැයි පැවසීය.


අදහස් (0)

යුපුන් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.