Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ටෙනිස් තරගාවලියේදී 18 න් පහළ බාලක ශූරතාව දිනාගැනීමට මෙත්වාන් විජේමාන්න සමත් විය. අවසන් තරගයේදී මෙත්වාන් විජේමාන්න විසින් ගනූක ප්‍රනාන්දු තරග වට 2/0 ලෙස පරාජය කරන ලදි. ඩිනාරා ද සිල්වා විසින් යුහන්සා පිරිස් තරග වට 2/0 ලෙස පරාජය කරමින් බාලිකා 18 න් පහළ ශූරතාව දිනාගන්නා ලදි.
මෙම තරග කොළඹ ග්‍රීන්පාත් හි ජාතික ටෙනිස් සංගම් පිටියේදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික ක්‍රීඩා සංගමයක් වන ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ 111 වැනි ජාතික තරගාවලිය මෙයයි. මෙත්වාන් කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවකු වන අතර ඩිනාරා කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයේ සිසුවියකි.
බාලිකා අවසන් පූර්ව වටයේදී ඩිනාරා ද සිල්වා විසින් තරග වට 2-0 ක් ලෙසින් සඳිති උස්ගොඩආරච්චි පරාජය කරනු ලැබුවාය. අනෙක් අවසන් පූර්ව වටයේදී විනෙත්යා ධර්මරත්නව 2-1 ක් ලෙසින් පරාජය කළ යුහන්සා පීරිස් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තාය.
බාලක අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී මෙත්වාන් විජේමාන්න විසින් අශ්ලින් ද සිල්වා තරග වට 2-0 ක් ලෙසින් පරාජය කරන ලදි. දෙවැනි අවසන් පූර්ව තරගයේදී අහීල් කලීල් තරග වට 2-0 ක් ලෙසින් පරාජය කළ ගනුක ප්‍රනාන්දු අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.
- 213
(ඡායාරූප - කමල් වන්නිආරච්චි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.