Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මිල්කා ගෙහානි අවසන් වටයට
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

මිල්කා ගෙහානි අවසන් වටයට

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් කාන්තා ඉසව්වේ ඊයේ (30 වැනිදා) පැවැති මූලික වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ මිල්කා ගෙහානි එහි 19 වැනි ස්ථානයට පත්වෙමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූවාය.

‘වෝල්ට්’ අදියර සඳහා ලකුණු 12.800 ක්ද, ‘අන්ඊවන් බාර්ස්’ අදියර සඳහා ලකුණු 12.000 ක්ද, ‘බැලන්ස් බීම්’ අදියර සඳහා ලකුනූ 9.770 ක්ද, ‘‍ෆ්ලෝර්’ අදියර සදහා ලකුණු 10.650 ක්ද සමගින් මූලික වටයේදී ඇය ලබාගත් මුලු ලකුණු සංඛ්‍යාව 45.200 කි.

ගෙහානි සහභාගි වන ජිම්නාස්ටික් ඉසව්වේ අවසන් මහ තරගය අද (31 වැනිදා) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. එහිදී දක්වන දක්ෂතා අනුව ඇයට ‘වෝල්ට්’, ‘අන්ඊවන් බාර්ස්’, ‘බැලන්ස් බීම්’ සහ ‘‍ෆ්ලෝර්’ යන අදියර ඉසව්වල අවසන් මහ තරගවලට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවද උදා වනු ඇත.

මෙම ඉසව්වේ මූලික වටය සඳහා කෞෂිනි ගම‍ගේ (ලකුණු 34.250), අමායා කළුකෝට්ටගේ (ලකුණු 36.350) සහ කුමුදි අබේරත්න (ලකුණු 32.300) යන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ද සහභාගි වූ නමුත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ට නොහැකි වූහ.

මූලික වටයේ ශ්‍රේණිගතකිරීම් වලට අනුව අමායා 27 වැනි ස්ථානයටද, කෞෂිනි 29 වැනි ස්ථානයටද, කුමුදි 30 වැනි ස්ථානයටද පත්වූහ. මෙම ක්‍රීඩිකාවන් සිවුදෙනාගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ‍ කණ්ඩායම් ඉසව්වේ 8 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.


අදහස් (0)

මිල්කා ගෙහානි අවසන් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.