ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ලබන දෙසැම්බර් මස 31 වැනිදා ඩුබායිහිදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දිවා/රාත‍්‍රි තරගාවලියක් ලෙස පැවැත්වීමට පාකිස්තානය කළ යෝජනාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රතික්ෂේප කර තිබේ.
පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය අද (15) පෙරවරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට මෙම යෝජනාව කර තිබේ. එම යෝජනාව ඊයේ පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය කණ්ඩායම් කළමණාකාරිත්වය වෙත ඉදිරිපත් කර තිබේ.
එහෙත් දිවා/රාතී‍්‍ර ටේස්ට් තරග සඳහා සහභාගි වීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අකමැත්ත පළ කර ඇතැයි කණ්ඩායම් කළමණාකරිත්වය විසින් විධායක කමිටුවට දැනුම් දෙනු ලැබ ඇත.
ඒ අනුව පාකිස්තානයේ යෝජනාව ප‍්‍රතිෂේප කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලයට අද පස්වරුවේදීම නිල වශයෙන් දැනුම් දුන්නේය.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එම යෝජනාව ප‍්‍රතික්ෂේප කළ බවයි.
”අපේ කණ්ඩායම දිවා/රාත‍්‍රි ටෙස්ට් තරගවලට සහභාගි වී නෑ. පුහුණුවීම් කරලත් නෑ. ඒ නිසා අපි එය ප‍්‍රතික්ෂේප කළා” යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් දිවා රාත‍්‍රි ටෙස්ට් තරගාවලිය පිළිබඳව කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ පිළිබඳව ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගෙන් විමසිය යුතු බවයි.
විස්සයි20 තරග 2 කින්, එක්දින තරග 5 කින් සහ ටෙස්ට් තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා පිලේ පාකාස්තානු සංචාරය දෙසැම්බර් මස 11 වැනිදා පැවැත්වෙන වි:20 තරගාවලියෙන් ආරම්භ වේ.
පාකිස්තානයේ විදේශිය ක‍්‍රිකට් කණ්ඩායම් සංචාර නොකිරීම හේතුවෙන් මෙම තරගාවලිය ඩුබායි, අබුඩාබි සහ සාජා ක‍්‍රීඩාංගණවලදී පැවැත්වේ.
පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් මස 31 වැනිදා සිට ජනවාරි මස 4 වැනිදා දක්වා ඩුබායි අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග පිළිවෙළින් අබුඩාබි සහ සාජා ක‍්‍රීඩාංගණවලදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.