ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ඉදිරිපත් කර තිබු අයැදුම්පත් 17 කින් තෝරා ගන්නා ලද අයැදුම් පත් 9 ක් අද (23 වැනිදා) පෙරවරුවේදී නැවත වරක් සලකා බැලූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණු කමිටුව මාවන් අතපත්තුගේ සහ තවත් පුහුණුකරුවකුගේ අයැදුම්පතක් පමණක් තෝරා ගත්හ. මෙම තෝරා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණු කමිටුව අද පෙරවරුවේදී රැස්වූ නමුත් මෙම රැස්වීමට පොරතුව එහි ප‍්‍රබල සාමාජිකයකු වශයෙන් කටයුතු කළ සනත් ජයසූරිය මහතා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.
මාවන් අතපත්තු හැරුණු විට සලකා බැලෙන දෙවැනි පුහුණුකැරුවා මේ වන විටත් එංගලන්තයේ ප‍්‍රාන්ත කණ්ඩායමක ප‍්‍රධාන පුහුණුකරුවකු වශයෙන් කටයුතු කරමින් සිටින අතර ඔහු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට සිය අයැදුම්පත යොමුකර ඇත්තේද තමන්ගේ අනන්‍යතාව හෙළි නොකරන කොන්දේසිය මතය.
මෙම එංගලන්ත ජාතික පුහුණුකරුවා එංගලන්තය නියෝජනය කර නැතත් සිය ප‍්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරග රැුසකට කී‍්‍රඩා කර ඇතැයි වාර්තා වේ.
හදිසියේම පුහුණු කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගෙන් කළ විමසීමකදී සනත් ජයසූරිය මහතා කියා සිටියේ පෞද්ගලික හේතු මත තමන් එම කමිටුවෙන් ඉල්ලා අස්වූ බවයි.
”මේකේ සමහර අය හිතාගෙන ඉන්නවා විදේශීය පුහුණුකරුවෙක් ගේන්න ඕන කියන දැඩි මතයේ ඉන්නේ මමයි කියල.... මට එහෙම මතයක් දරන්න උවමනාවක් නෑ. මට ඕනෑ කරන්නේ කවුරු හරි අපේ ක‍්‍රමයට ගැලපෙන, හොඳ පුහුණුකරුවෙක් තෝර ගන්නයි”
”අනෙක මට ඕක අදාළත් නෑ.... මට තියෙන්නේ කණ්ඩායම තෝර ගන්න එකනේ” යයිද සනත් ජයසූරිය මහතා ලංකාදීපට පැවසීය.
පුහුණුකරු තෝරා ගැනීමේ කමිටුව විසින් තෝරා ගන්නා ලද අයැදුම්කරුවන් දෙදෙනා අද දිනයේම මුණගැසීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් සූදානමින් සිටි අතර හෙට (24 වැනිදා) පැවැත්වෙන විධායක කමිටු රැුස්වීමට ඔවුන් දෙදෙනා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කෙරේ. පුහුණුකරුවා කවුරුන්ද යන්න පිළිබඳව විධායක කමිටු රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරුවා තෝරා ගැනීම සඳහා පත්කරන ලද 11 දෙනකුගෙන් සමන්විත කමිටුවේ බොහෝ දෙනකුට සනත් ජයසූරියගේ හදිසි ඉවත්වීම අදහාගත නොහැකි විය. ඊට ප‍්‍රධාන හේතුවක් වූයේ ඒ සඳහා අයැදුම් කර සිටි පුහුණුකරුවන් වැඩිදෙනකු සමග කතාබස් කරමින් ඔවුන්ගේ තොරතුරු විමසමින් ශී‍්‍ර ලංකා පිලට වඩාත්ම සුදුසු පුහුණුකරුවා තෝර ගැනීම සඳහා වැඩි උනන්දුවක් ගත්තේද සනත් ජයසූරිය මහතාම වන බැවිනි.
ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයාද වන හෙයින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඉදිරි සැලසුම් සකස් කිරීමේදී ප‍්‍රධාන පුහුණුකරුවා සමග යහපත් සම්බන්ධතාවක් පැවැතිය යුතු යයි සනත් ජයසූරිය මහතා නිසි වැටහීමකින් සිටියේය.
පසුගිය වසර මුලදී තේරීම් කමිටු සභාපති තනතුරට පත්වූ දා සිටම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සම්බන්ධයෙන් ගනු ලැබූ ඉතාමත් බරපතළ තීරණ සඳහා සනත් ජයසූරිය මහතා සෘජුවම මැදිහත් විය. කී‍්‍රඩකයන් පාලනය කරගැනීමට බැරිවූ ඇතැම් අවස්ථාවන්හිදී පවා නායකයන්ගේ පිහිටට පැමිණියේද සනත් ජයසූරිය මහතාය.
විස්සයි:20 ලෝක කුසලාන දිනාගැනීමේදීද තිරය පිටුපස සිටිමින් තීරණ රැසකටම මැදිහත් වූයේ තේරීම් කමිටු සභාපතිවරයාය.
කෙසේ වෙතත් පුහුණු කරුවා තෝරගැනීම සඳහා පත්කරන ලද 11 දෙනකුගෙන් සමන්විත කමිටුවේ ඇතැම් සාමාජිකයන්ගේ කි‍්‍රයාකලාපයන් සම්බන්ධයෙන්ද ජයසූරිය මහතා කළකිරීමෙන් සිටි බව එහි කමිටු සාමාජිකයන්ගේද මතය විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.