Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාලිංගේ තහනම මස 6 කට අත්හිටුවයි

මාලිංගේ තහනම මස 6 කට අත්හිටුවයි

ශනුක අරවින්ද - 2017 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට ක්‍රිකට් ආයතනයේ අවසරකින් තොරව පිළිතුරු සැපයූයේ යැයි කියන වරදට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට වසර තහනමක් පනවා එය මාස හයකට අත්හිටුවීමට ක්‍රිකට් විධායක කමිටුව ඊයේ (27) රාත්‍රී තීරණය කළේය.

එම දඩුවමට අමතරව ඔහුගේ මීළඟ තරගයේ තරග මුදලින් 50% ක දඩයක් ද පනවා තිබේ.

මාලිංගට සිම්බාබ්වේ තරගාවලියට ක්‍රීඩා කිරීමට මෙම තහනම බාදාවක් නොවේ.   

මෙම සිද්ධියට තමන් වැරදිකරු බව ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනයට ඊයේ පෙරවරුවේ දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

“මාලිංග ක්‍රිකට් ආයතනය දැනුවත් නොකර මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැදක් කරලා තියෙන්නේ. අපි මාලිංගට ඔහු කර ඇති වැරැද්ද පිළිබඳව ලිඛිතව දැනුම් දුන්නා”

“මාලිංග පෙරවරුවේ අපිට දැනුම් දුන්නා ඔහු වරදකරු බව. විනය කමිටු ඒ වාර්තාව අපිට දීලා තියෙනවා. පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ විශේෂ රැස්වීමක් අද රාත්‍රී කැඳවා තිබෙනවා. එහිදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා” යැයි සුමතිපාල මහතා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

මාලිංගේ තහනම මස 6 කට අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.